×

අසල්වැසි කලාපීය බලවතා කොවිඩ් හමුවේ දැවැන්ත අර්බුදයක – ඊයේ දින හඳුනා ගෙන ඇති ආසාදිතයින් ලක්ෂ 4 ඉක්මවලා

ගෙවුණු පැය 24ක කාලය තුළ ඉන්දියාවෙන් කොවිඩ් 19 ආසාදිතයින් 401,993 ක් වාර්තා වී තිබේ.


එය මෙතක් ගෝලීය වශයෙන් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ලෙසයි දැක්වෙන්නේ.

මරණද 3523ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදී තිබේ.

ඒ අනුව සමස්ත කොවිඩ් 19 මරණ 211,853ක් ලෙස වැඩි වී තිබෙන අතර අඛණ්ඩව දින 4ක් පුරා මරණ 3000 සීමාව ඉක්මවා ගොස් ඇත.

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් මිලියන 19 ඉක්මවා ගොස් තිබේ.

එය 19,164,969 ක් ලෙස දැක්වෙයි.

දෙවන කොවිඩ් 19 රැල්ල ආරම්භ වීමත් සමඟ දින 10ක්  පුරා දිනපතා ආසාදිතයින් ලක්ෂ තුන ඉක්මවමින් හඳුනා ගැනීම තුළ එරට මහජන සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටී තිබෙන අතර ජනතාවගේ ජීවිත බේරාගැනීම සඳහා සෞඛ්‍ය අංශ දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටින බවයි එරට වාර්තා පෙන්වාදෙන්නේ.

කොවිඩ් 19 පාලනය මෙන්ම රෝගී ජනතාව බේරා ගැනීම වෙනුවෙන් ඉන්දියාවට ආධාර ලැබෙමින් පැවතියද මේ වන විටත් එම ව්‍යාප්තිය හමුවේ රටක් ලෙස ඔවුන් විශාල පසුබෑමකට ලක්ව සිටියි.

අගමැති මෝදී පාලනයට එරෙහි දෛනිකව ජනතා විරෝධය උත්සන්න වෙමින් තිබෙන අතර පාලකයන් ලෙස ඔවුන් නිසි මොහොතේ නිසි තීන්දු ගනිමින් ජනතාවට නායකත්ව නොදුන් බව ඉන්දියානුවන් චෝදනා එල්ලකරමින් තිබේ.

ඔක්සිජන් නොමැතිව මිනිසුන් මියැදෙන තත්ත්වයක් තුළ ඔවුන් අපේක්ෂාභංගත්වයට පත්ව සිටින බවත් හැකි ඉක්මණින් මේ වසංගතයෙන් මිදීමේ දැඩි වුවමනාවකින් පසුවන බවත් ඉන්දියානුවන් ජාත්‍යන්තර මාධ්‍ය සමඟ සිය ඛේදජනක අත්දැකීම් බෙදාගනිමින් කියමින් සිටියි.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි