කියන් සිල් නැමති මෙම තරුණිය ඒන්ජල් නමින් හඳුන්වයි.
හිස පිටුපස විනිවිද යාමේ තුවාලයක් සහ මොළයේ සෙන්ටිමීටර 1.2 සිට සෙ.මී. 0.7 ක් හි තැන්පත්ව ඇති ඊයම් කැබැල්ලක් සොයා ගත් පසුව රජය විසින් පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු සඳහන් කළේ එය පොලීසිය භාවිතා කරන උණ්ඩවලට වඩා වෙනස් බවයි.
තම රට සඳහා එක්සත් ජාතින්ගේ අවාධානය යොමු විය යුතු බවට එරට වැසියන් පවසයි.
නමුත් පින්තූරවලින් පෙනී යන්නේ ඇය මරණයට පත්වීමට මොහොතකට පෙර කියාල් සින්ගේ හිස පිටුපස පෙදෙස ආරක්ෂක අංශ දෙසට හැරී ඇති බවයි.
ඇය මන්ඩලේ නගරයේ පාසල් ශිෂ්‍යාවක් වන අතර, ටයිකොන්ඩෝ උපදේශකවරියකි.
මේ වන විට මෙම ගැටුම් හේතුවෙන් 38 දෙනෙකු මරුමුවට පත්ව තිබේ. එසේම මියන්මාරයේ මිලිටරි ජුන්ටාවේ නියෝග පිළිගැනීමට අකමැති පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් එරටින් යාබද ඉන්දීය දේශසීමා වෙත පලා යමින් සිටින බවද වාර්තා වේ.
එසේ පැමිනි නිලධාරින් 08 දෙනෙකු නැවත භාර දෙන ලෙස මියන්මාර රජය ඉන්දිය මිසොරම් නගරයට දැනුම් දී තිබේ.
මෙවැනි පවුල් රැසක් ඉන්දිය දේශ සිමා අසලට වි බලා සිටින්නේ මියන්මාරයෙන් පලා යාමටයි. (අන්තර්ජාලයෙන්)
සහන් හේවාගමගේ