ඔහු මේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය ආරම්භ කළේ ෆිලඩෙල්ෆියාවේ දී ය.
‘‘ඔහු (ට්‍රම්ප්) අපව හදිස්සියේම ආරක්ෂා කරන්න යන්නෙ නෑ.. ඔහුට තමන්ව ආරක්ෂා කර ගන්න කළ යුතු මූලික පියවරවත් ගන්න බැහැ..‘‘
බොහෝ දෙනෙකු සිතූ ලෙසටම බරාක්ගේ පළමු ප්‍රහාරය එල්ල වූයේ ට්‍රම්ප් විසින් කෝවිඩ්-19 වසංගතය හැසිරවීමේදී දක්වන අසාර්ථකත්වය පිළිබඳව ය.
ජෝ බයිඩන් අද (බ්‍රහස්පතින්දා) පැවැත්වෙන මීළඟ රූපවාහිනී විවාදය සඳහා සිය නිවසේ සිට සුදානම් වෙමින් සිටින බැවින් ඔහුගේ නොපැමිණීමෙන් ඇති වූ හිඩැස පිරවීම සඳහා බරාක් ඔබාමා ඉදිරිපත් ව සිටියේය.
‘‘පසුගිය අවුරුදු හතරෙදි මම බලාපොරොත්තු නැති කරගත්තෙ නෑ.. මම උමතු වෙලා හිටියෙ.. මම බලාපොරොත්තු සුන් වෙලා හිටියෙ.. නමුත් මම බලාපොරොත්තු නැති කර ගත්තෙ නෑ.‘‘ යැයි ද ඔහු පැවසුවේය.
ඔබාමා මේ කතාව පවත්වමින් සිටින අතරතුර ජනපති ට්‍රම්ප් උතුරු කැරොලිනාවේ රැළියක් සඳහා සහභාගි වෙමින් සිටියේය.
බයිඩන්ගේ උප ජනාධිපතිවරිය ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් වන කමලා හැරිස් ද මේ අතර උතුරු කැරොලිනාවට ගොස් තිබෙන්නේ ඈෂ්විල් සහ චාලට් ප්‍ර දේශවල ඡන්ද දායකයන් සචලකරණය කිරීම සඳහා ය.
දෙවරක් ඇමරිකාවේ ජනපති පදවිය හෙබවූ බරාක් ඔබාමා, ආකර්ෂණීය කථිකයෙකු ලෙස සහ ප්රජාතන්ත්රවාදී නායකයෙකු ලෙස අද ද එක සේ සිය ජනප්‍රියත්වය රැක ගැනීමට සමත් වී සිටියි.
Main photo: Evening Standard