×

දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් 19 මරණ ඉන්දියාවෙන් – දෛනික මරණ 4500 සීමාව ඉක්මවයි

කොවිඩ් 19 වසංගතය ආරම්භයේ සිටම මේ දක්වා කාලය තුළ වැඩිම දෛනික මරණ ඉන්දියාවෙන් වාර්තා වී තිබෙන අතර එය 4529ක් ලෙස වාර්තා කර තිබේ. 


ගෙවුණු පැය 24ක් කාලය තුළයි එම මරණ සිදුව ඇත්තේ.

මේ අනුව එරට සමස්ත කොවිඩ් 19 මරණ 283,248 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවේ කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසු පසුගිය අප්‍රේල් 28 වැනිදා සිට අඛණ්ඩව දෛනික කොවිඩ් මරණ 3000 සීමාව ඉක්මවා ගියේය.

මේ වන විට එරට සමස්ත ආසාදිතයින් දැක්වෙන්නේ 25,496,330 ක් ලෙසය.

එමෙන්ම මේ වන විට එන්නත ලැබීමට සුදුසු සමස්ත ජනගහණයෙන් මිලියන 185.7කට එන්නත ලබා දී ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

ASK  for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි