×

දුප්පතාගේ හිතවතා , පාපැදියේ ඉතිහාසය

මුලින්ම ලෝකයේ නිපදවූ පාපැදියේ එක් රෝදයක් විශාල වූ අතර අනෙක කුඩා රෝදයකි “තනි රෝද”පාපැදිය නමින් හැදින් වූ මෙය මීට අවුරුදු 300 කට පමණ පෙරදී නිපදවා ඇති බව කියැවේ.


මොන මොන විදිහේ වාහන හදුන්වා දුන්නත්, මෙන මොන පහසුකම් අලුතින් ආවත් ෆූට් සයිකලය , එහෙමත් නැත්නම් පා පැදියට තියෙන තැන නැතිවන්නේනම් නැත‍

ලෝකයේ වැඩියෙන්ම දක්නට ලැබෙන වාහනය වන්නේ පාපැදියයි. විවිධ වාහන තිබුණද පාපැදියේ කාර්ය භාරය ද අති විශාල වේ අද ලෝකය පාපැදිය ගැන වඩ වඩාත් අවධානය යොමු කිරීමේ ප්‍රධානතම හේතුව වන්නේ පරිසර දූෂණය සදහා එමගින් අනෙක් වාහන මෙන් දායක නොවීමත් මිනිසාගේ ශරීරයට එමගින් ලැබෙන ව්‍යයාමයත් හේතුවෙනි.

කෙසේ වෙතත් විශේෂයෙන්ම ආසියාතික රටවල පාපැදිය “දුප්පතාගේ වාහනය” නමින් ද හඳුන්වයි.

මුලින්ම ලෝකයේ නිපදවූ පාපැදියේ එක් රෝදයක් විශාල වූ අතර අනෙක කුඩා රෝදයකි “තනි රෝද”පාපැදිය නමින් හැදින් වූ මෙය මීට අවුරුදු 300 කට පමණ පෙරදී නිපදවා ඇති බව කියැවේ. ඒත් රෝදයක් ඉතාම කුඩයි. ලොකු රෝදය පමණයි හොඳින් පෙනුනේ. ඒ නිසා “තනිරෝදේ” නමින් හඳුන්වන්නට ඇත.

කි‍්‍ර. ව. 1670 කාල වකවානුවේ සාදන ලද මුල්ම බයිසිකලය පැඩලයකින් පැදවුනේ නැති බව සඳහන් වන අතර සම්පූර්ණයෙන්ම ලීයෙන් තැනූ රෝද දෙකක් ද, ඉඳගන්නට සවිකෙරුණු ලෑලි මතුපිටක්ද සහිත වූ එකකි. එහි නැඟුණු මිනිසා රිටක් මගින් පාරුව පදින්නාක් සේ කකුළෙන් බිමට තල්ලුවක් යොදමින් එය ඉදිරියට පදවා ඇත.නමුත් මේ ක්‍රමය අනතුරු සහිත වීමත්, වැඩි වෙහෙසක් දැරිය යුතු වීමත් නිසා වඩාත් ජනපි‍්‍රය නොවිණි.

අද පවතින පාපැදියට මූලික වූ එම හැඩයේ පාපැදිය මුලින්ම නිපදවෙන්නේ 1816 දී යි. එතැන් පටන් විවිධ තොටස් එක් වෙමින් අද වන විට ආරක්‍ෂා සහිත පාපැදියක් දක්වා දියුණු වී ඇත. ඒ අතර ලොව බොහෝ රටවල නිමැවුම්කරුවන් බයිසිකලය විවිධ හැඩයන් හා විවිධ නිමාවන් අනුව විවිධ  අත්හදා බැලීම් සිදු කර ඇත . එම අත්හදා බැලීම් කළ පුද්ගලයන් අතර 1690 දී ප‍්‍රංශ ජාතිකයෙකු විසින් “සෙලර් පෙරී” නම් පාපැදිය නිපදවනු ලැබීය. 1816 දී ජර්මන් ජාතික කාල් ඩෙ‍්‍රස් වොන් ෂෝර්මන් විසින් “ඩෙ‍්‍රසනය” නම් පාපැදිය නිපදවූ අතර ස්කොට්ලන්තයේ කා(ර්)ක් පැක්ටි‍්‍රක් මැක්මිලන් විසින් (1938 දී) ලී පැඩලය සහිත පාපැදියක් නිපදවා ගනු ලැබුවා. 1846 දී මෙය ගැවින් ඩැල්සන් විසින් වඩාත් දියුණු කළා. මේ අතරින් බයිසිකල් නිපදවීමේ ගෞරවයෙන් වැඩි කොටසක් හිමිවිය යුත්තේ ස්කොට්ලන්තයේ මැක්මිලන් හා ඩැල්සන් යන දෙදෙනාටයි.

එහිදී මුල් කාලයේ තනි පුද්ගලයකුගේ ගමන් පහසුව සඳහා පමණක් නිපදවූ පාපැදියතවත් අයෙක්ට යාහැකි පරිදි හා භාණ්ඩ ප්‍රවාහණය කළ හැකි පරිද්දෙන් දියුණු වී ඇත. ඒ අනුව අද ඇතැම් රටවල පාපැදියේ යන පිරිස සිතා ගත නොහැකි තරම්. ලෝකයෙ රටවල් අතරින් බයිසිකල් වැඩි ප‍්‍රමාණයක් නිපදවන මෙන්ම භාවිතා කරන රට චීනයයි.

කෙසෙ වෙතත් බයිසිකලයට වැදගත් ස්ථානයක්අද දක්නට ලැබෙන අන්දමේ දැති රෝද දෙකක් වටා යන දම්වැලකින් රෝද කැරකෙන ක‍්‍රමයේ බයිසිකලය නිපදවනු ලැබුයෙ ඉතා මෑතකදීය. ලී වෙනුවට රබර් පට්ටම් යෙදීමත් සමඟම බයිසිකලයේ හැඬලය ද බෙහෙවින් වෙනස් වුණා. ඉදිරි රෝදය අඩි 3 ක් පමණ උස වූද, පසුපස රෝදය අඩියකට වඩා මිටි වූද, රබර් පට්ටම් සහිත බයිසිකලය ශීස‍්‍රයෙන් ලොව පැතිරුණා. පී‍්‍රවීලයක් සහිතව බයිසිකලයක් ප‍්‍රථම වරට නිර්මාණය වූයේ 1887 දීයි. මෙම ‘පී‍්‍රවීලය’ බයිසිකලයේ ඇති වැදගත්ම කොටසයි. රෝදවල කි‍්‍රයාකාරිත්වය රඳා පවත්වා ගැනීමට මූලිකව සහාය වේ. සුළු වෑයමකින් වැඩි දුරක් යාමට ද මෙය උදව් විය.‘පී‍්‍රවීලය’ නිපදවූවාට පසු කලෙක පාපැදියට හුළං පිරවූ නළ හෙවත් “ටියුබ්” සහිත පට්ටම් යොදනු ලැබීය. හුළං සහිත දුනු සහිත ආසනයක් ඇති ගමන් වේගය නතර කිරීමට තිරිංග හෙවත් “බ්‍රේක්” සහිත අනතුරු ඉතාම අඩු, සාමාන්‍ය කරත්තයට වඩා වේගයෙන් දුවන, අඩු වියදමකින් ගමන් කළ හැකි අද දක්නට ලැබෙන ආකාරයේ අංග සම්පූර්ණ බයිසිකලය පළමු වරට නිපදවනු ලැබුවේ 1889 වසරේදීය. ගියර් හා සොක්ඇබ්සෝබර් (රෝදයට) සවිකර නිෂ්පාදනය කිරීම තවත් වැදගත් අවස්ථාක්.

බයිසිකලයක් නිර්මාණය කිරීම පිළිබඳව ලොව මුලින්ම “පේටන්ට් බලපත‍්‍රයක්” මුලින්ම ලබාගත්තෙ Jean the son නමැත්තායි. ඒ 1645 දීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි