ජූලි 04 වැනිදායින් පසු ඇමරිකාවට කොවිඩ් 19 මිදිය හැකි බවට ජනාධිපති ජෝ බයිඩන් බලාපොරොත්තු දල්වා තිබේ.
ඒ වන විට ඇමරිකානුවන් වෙත කොවිඩ් 19 මර්දන එන්නත ලබා දීම සිදුකළ හොත් කොවිඩ් මාරයාගෙන් නිදහස ලබාගත හැකි වනු ඇති බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.
මෙම බලාපොරොත්තුවත් සමඟ මැයි 01 වැනිදා වන විට සියලුම ප්‍රාන්ත වල වැඩිහිටියන් වෙත එන්නත ලබා දී අවසන් කරන ලෙසද ඔහු නියෝග කර ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.
වයස සහ සෞඛ්‍ය තත්ත්වය අනුව එන්නත් කිරීමේදී ප්‍රමුඛතාව ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා සිය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත.
ජනාධිපති ජෝ බයිඩන් මෙලෙස අදහස් දක්වන්නේ මෙම ගෝලීය වසංගතයෙන් වසරක පමණ කාලයකින් පසුවය. මෙතෙක් කාලය තුළ මෙයින් ඇමරිකාව දරුණු ලෙස පීඩාවිඳි අතර එහි තවමත් නිමාවක් නොවෙයි.
කෙසේවෙතත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා මීට ඉහතදීද පවසා තිබුණේ සිය පාලනය ආරම්භ වී මුල් දින 100ක කාලය තුළ මෙම වසංගතයෙන් ඇමරිකාව මුදා ගැනීමට මහත් වෙහෙසක් දරන බවයි.
ඊට ඔහු ජනතාවගේ සහයද ඉල්ලා සිටින ලදී.
මේ වන විට මෙම ගෝලීය වසංගතයෙන් ඇමරිකාව තුළ මරණ 543,721ක් වාර්තා වී ඇති අතර මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් 29,925,902ක් ඉක්මවා ඇත.