විශේෂත්වය වන්නේ මෙම කොවිඩ් ප්‍රභේදය, මීට පෙර බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගත් ප්‍රභේදය හා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනා ගත් ප්‍රභේදයක් මුසු වී (හයිබ්‍රිඩ්) සකස් වූ ප්‍රභේදයක් වීමයි.
වෙනස් වෛරස මාදිලි දෙකක් එකතු වී තැනුණු තනි කොවිඩ් ප්‍රභේදයක් හඳුනාාගෙන තිබෙන්නේ පළමු වැනි වරටයි.
අදාල වෛරස ප්‍රභේද ද්විත්වයේ ජාන එකිනෙක මිශ්‍රවීමෙන් මෙම නව ප්‍රභේදය හටගෙන ඇති බවයි විශේෂඥයන් පවසන්නේ.
මෙම ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන එමෙන්ම මාරාන්තික කොවිඩ් ප්‍රභේදයක් බව ඇමරිකානු විශේෂඥයන් පවසනවා.
එසේම නව ප්‍රභේදය එන්නත් සඳහා ද අඩු ප්‍රතිචාර දක්වන බවයි වාර්තා වී තිබෙන්නේ.
කෙසේ නමුත් කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇති මෙම වෛරසය තවමත් සමාජය තුළ පැතිර ගොස් නොමැති අතර යම් හෙයකින් මෙම ප්‍රභේදය පැතිර ගියහොත් තත්වය ඉතා භයානක විය හැකි බවට ඇමරිකානු විශේෂඥයන් අනතුරු අඟවනවා.
UN for LNW