[embedyt] https://youtu.be/q_G8YYuk2Zk [/embedyt]
ඊයේ (මැයි 08) දින මහා බ්‍රිතාන්‍යයට සුවිශේෂී දිනයකි. එදින යුරෝපීය විජයග්රහණ දිනයේ (Victory in Europe Day: VE Day) 75 වන සංවත්සරය එළඹ තිබිණි. එකී සැමරුමට සමගාමීව වින්ස්ටන් චර්චිල් මහතා VE දින සිදුකළ ඓතිහාසික කතාව මහජන විකාශනය සඳහා ගුවන් ගත කර තිබිණි.
“We may allow ourselves a brief period of rejoicing, but let us not forget for a moment the toils and efforts that lie ahead.”
ප්‍රීතිය සැමරීමට කෙටි කලක් අපට වෙන්කර ගත හැකිය, එහෙත් ඉදිරියේදී අපගේ වෙහෙස හා උත්සාහය මොහොතකට වත් අමතක නොකරමු.
ඒ 1945 වර්ෂයේ මැයි මස 08 වන දින වින්ස්ටන් චර්චිල් මහතා සිදුකළ ඓතිහාසික ප්‍රකාශයේ කොටසකි.
දීර්ඝ කාලීන ජර්මානු නාසි යුද්ධය පරාජයට පත්කරමින් යුරෝපීය ජන සමාජය නව මාවතකට යොමු කළ යුරෝපීය විජයග්‍රහණයේ දිනය උත්සවාකාරයෙන් සැමරීම යුරෝපීය සංස්කෘතියේ අංගයක් ව පවතී.
කෙසේවෙතත්, වත්මන් කොරෝනා වසංගත තත්තවය හමුවේ නිවෙස් වලින් බැහැරව VE දිනය සැමරීමට නොහැකි බැවින් නිවසේ සිට එය සැමරීම සිදුවිණි.
ඒ අනුව කිසිදු සැනකෙළියක්, ආචාර පෙළපාලියක් හෝ වෙනත් කුමන අන්දමේ හෝ උත්සවයක් සංවිධානය නොකිරීමට පියවර ගෙන තිබිණි.
VE දිනයට සමගාමීව වේල්ස් කුමරු සහ කෝර්න්වෝල් ආදිපාදවරිය විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ගත් අතර පසුව එලිසබෙත් රැජින ජාතිය අමතමින් ප්‍රකාශයක් සිදුකළාය.
බ්‍රිතාන්‍යයේ වත්මන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ජාතිය අමතමින් මෙසේ පැවසීය.
“අතීතයේ අප භුක්ති විඳි පෙළපාළි සහ වීදි සැමරුම් අද අපට පැවැත්විය නොහැක. නමුත් 1945 සිට උපත ලැබූ අප සැවොම දෙවන ලෝක යුද්ධය ජයගත් පරම්පරාවට සෑම අතකින්ම ණය ගැති බව අප හොඳින් දනිමු.”
“අද අපි වැඩිහිටියන් බව සැබෑය. නමුත් වරෙක නිදහසේ ඉරණම ඔවුන්ගේ කර මතට ගෙන ගිය අසංඛ්‍යාත සාමාන්‍ය ජනයාගේ වීරත්වයට ස්තූතිවන්ත වෙමින් අපි දිවි ගලවා ගත්තෙමු. අපගේ සොල්දාදුවන්, නැවියන් සහ ගුවන් භටයින් නාසීන් සමඟ සටන් කරනු ලැබුවේ ධෛර්යයෙන්, දක්ෂතාවයෙන් හා කෙණහිලිකම් විඳදරාගැනීමෙන්. නිවසේ ඉදිරිපස කාන්තාවෝ ගුවන් ප්‍රහාරවලට එරෙහිව අපේ නගර ආරක්ෂා කළහ, කර්මාන්තශාලා වැඩ කළහ, රෝහල් පවත්වාගෙන ගියහ, සතුරු කේත බිඳ දැමූහ. සෑම වයස් කාණ්ඩයකම, ජාතියකම හා පසුබිමකම පුද්ගලයන් එක් උත්තරීතර උත්සාහයක නිරත විය. ”
රැජිණ ගේ පණිවුඩය
බීබීසී සේවය එවකට සිටි අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් මහතා ගේ විජයග්රණයේ කතාවේ කොටස් නැවත විකාශනය කළ අතර, මීට අදාළව විශේෂ වැඩසටහන් මාලාවක් ම දියත් කරනු ලබයි.
විශේෂ සන්ධ්‍යා වැඩසටහනක් සඳහා වේල්ස් සොප්රානෝ කැතරින් ජෙන්කින්ස්, ජනප්‍රිය නළු ඒඩ්‍රියන් ලෙස්ටර් සහ ගායක බෙවර්ලි නයිට් යන මහත්වරුන් සහභාගී වූ අතර ඔවුන් 1930 හා 40 දශකවල ජනප්‍රිය ගීත කිහිපයක් රසවත් කිරීමට කටයුතු කරනු දක්නට ලැබිණි.
එමෙන්ම බ්‍රිතාන්‍ය එලිසබෙත් රැජිණ ගේ පෙර පටිගත කළ පණිවුඩයක් ද විකාශය කිරීමට බීබීසී සේවය කටයුතු කරන ලදී. මෙය විකාශය කරන ලද්දේ එරට වේලාවෙන් 21:00 වූ අතර, එම වේලාව අගේ පියා වන හයවන ජෝර්ජ් රජු මීට වසර 75 කට පෙර ගුවන් විදුලි දේශනයක් ලබා දුන් මොහොත හා සමපාත වීම ද විශේෂත්වයකි.
පහත දැක්වෙන්නේ 75 වන යුරෝපීය විජයග්රහණ දිනයට සමගාමීව සිදුකළ සැමරුම් වැඩසටහනේ න්‍යාය පත්රයයි.
10:50 BST: A service in Westminster sees Commons Speaker Sir Lindsay Hoyle lay a wreath on behalf of the House of Commons. Lord West laid a wreath on behalf of the Lords
11:00: A national moment of remembrance and a two-minute silence
14:45: In a special programme on BBC One, extracts from Churchill’s victory speech to the nation announcing the end of the war in Europe is broadcast
14:55: Solo buglers, trumpeters and cornet players were invited to play the Last Post from their homes
15:00: As Churchill’s speech was broadcast, people were invited to stand up and raise a glass in a national toast, saying: “To those who gave so much, we thank you”
20:00: Another BBC One special will feature Welsh soprano Katherine Jenkins, actor Adrian Lester and singer Beverley Knight, who will be performing some well-known songs from the 1930s and 40s. The programme will culminate in the nation being invited to sing along to a rendition of wartime classic We’ll Meet Again
21:00: The Queen’s pre-recorded address will be broadcast on BBC One. It will be her second televised message during the coronavirus outbreak after a rare speech to the nation last month
21:30: Spotlights will light up the sky in Portsmouth to recall the experience of blackouts during the war. The local council says the lights are also to remind people “that lighter times will come again”
VE දිනය යනු කුමක්ද?
යුරෝපයේ විජයග්රහණ දිනය හෙවත් Victory in Europe (VE) Day යනුවෙන් හැඳින්වෙන්නේ වර්ෂ 1945 මැයි මස 08 වන දින පුරා සය වසරක් මුළුල්ලේ පැවති ජර්මානු නාසි යුද්ධය නිමාවී නාසිවරුන් පරාජය භාර ගත් හා එමඟින් බ්‍රිතාන්‍යය හා සහාය රටවල් සිය යුධ ජයග්‍රහණය උදාකර ගත් දිනයයි.
එදින ජාත්‍යන්තර වේලාවෙන් 15:00 ට එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් මහතා ගුවන් විදුලියෙන් නිවේදනය කළේ පෙර දින ජර්මනිය යටත් වීමෙන් පසුව යුරෝපයේ යුද්ධය අවසාන වූ බවයි.
නාසිවරුන් යුරෝපයට එදිරිව ගෙන ගිය යුධමය තත්වය පරාජයට ලක්වීමත් සමඟ යුරෝපීය ජනසමාජයේ ප්‍රභල වෙනස්වීමක් සිදුවූ අතර, බ්‍රිතාන්‍යය ප්රමුඛ යුරෝපීය රටවල විවිධ සැමරුම් ආරම්භ වීම සිදුවිණි.
එවකට කුමරියක්ව සිටි එලිසබෙත් රැජින සහ ඇගේ සොයුරිය මාග්‍රට් කුමරිය මිතුරියන් ද සමඟ ලන්ඩනයේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ සැනකෙළි රසවිඳීමට ගිය අයුරු අදටත් කා අතරත් කතාබහට ලක්වේ.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊයේ දින යුරෝපීය විජයග්‍රහණයේ 75 වන සංවත්සරයට සමගාමීව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සිය සුබපැතුම් එක් කර තිබිණි.
ඡායාරූප: බීබීසී පුවත් සේවය