×

රුසියාවට උදව් කළොත් චීනයට වැඩ වැරදියි – ඇමරිකාව අනතුරු අඟවයි

රුසියාව චීනයෙන් යුද ආධාර හා මුල්‍යාධාර ඉල්ලා තිබෙන අතර චීනය විසින් රුසියාවට ආධාර කළ හොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඇමරිකාව විසින් චීනයට අනතුරු අඟවා තිබේ.


රුසියාව සහ යුක්රේනය අතර ගැටුම් ආරම්භ වූ දිනවල පටන් චීනය රුසියාවට සහය පළකර තිබෙන අතර නමුත් කිසියම් හෝ යුදමය ආධාරයක් හෝ සෙසු ආධාරයක් චීනය විසින් රුසියාවට ලබා දී ඇත්ද යන්න තහවුරු වී නැත.

කෙසේවෙතත් ඇමරිකානු වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය දිනවල රුසියාව විසින් චීනයෙන් ඩ්‍රෝන යානා ඇතුළු හමුදා උපකරණ ඉල්ලා ඇති බවයි.

එහෙත් ඊට චීනයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් ප්‍රසිද්ධ වී නැති බවයි දැක්වෙන්නේ.

මේ අතර අද ඉතාලියේ රෝම නුවරදී ඇමරිකාවේ සහ චීනයේ ඉහළ නිලධාරීන් අතර සාකච්ජාවක් පැවැත්වීමටද නියමිතව තිබේ.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි