×

වායු දූෂණය තක්සේරු කලාට වඩා භයානකයි

අධික වායු දූෂණය සහිත ප්‍රදේශවල ජීවත් වීම කොවිඩ් වසංගතය වැළදිමේ අවදානම වැඩි කරන බව පසුගියදා එලි දැක් වූ නව අධ්‍යයනයකින් සොයාගෙන ඇත.


වායු දූෂණය තක්සේරු කලාට වඩා භයානක බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. වායු දූෂණය හා සම්බන්ධ රෝග වලින් වාර්ෂිකව මිලියන 7 ක් පමණ අකාලයේ මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එමෙන්ම ආර්ථික සංවර්‍ධනය සඳහා පොසිල ඉන්ධන මත යැපීම හේතුවෙන් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් වැඩිපුරම පීඩා විඳිති.ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ දුම්පානය හා සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීම දැඩි අවදානම් සහගත තතවයක් ලොව තුල ඇති කර ඇති බවයි.

නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත COP26 සමුළුවට පෙර විමෝචන අඩු කරන ලෙසත් දේශගුණික විපර්යාස පිළිබඳව පියවර ගන්නා ලෙසත් ඔවුන් සිය සාමාජික රටවල් 194 ට අවදාරනය කර සිටි.

දශකයෙන් දශකයටත් වඩා ආරක්ෂිත වායුන් හි සීමාවන් අඩු වෙමින් පවතී.මෙහි බරපතලම ගැටලුව නම් වායු දූෂණය , පෙනහළු වලට හුස්ම ගත හැකි කුඩා අංශු අවහිර කර ලිමයි.වාතය දූෂණය වීම හෘදයාබාධ හා අංශභාගය වැනි තත්ත්වයන්ට ඝෘජුවම බලපාන බවත්, ළමුන් තුළ එය පෙනහළු වර්ධනය අඩු කරන අතර ඇදුම රෝගය උත්සන්න කිරීමට හේතුවක් බව ඔවුන් පෙන්වා දෙයි.

අධික වායු දූෂණය සහිත ප්‍රදේශවල ජීවත් වීම කොවිඩ් වසංගතය වැළදිමේ අවදානම වැඩි කරන බව පසුගියදා එලි දැක් වූ නව අධ්‍යයනයකින් සොයාගෙන ඇත.

බිබිසි වෙතින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි