අප ජීවත් වන පෘථිවිය දහසකුත් එකක් එකා සුන්දර විශ්මයජනක සංසිද්ධි වලින් සමන්විතය. අප අවට වායුගෝලය අභ්‍යාවකාශය සැබැවින්ම සුන්දරය. එවන් තවත් එක් චමත්කාරජනක සංසිද්ධියක් ලෙස “වායු දිලිසුම” ,“airglow” හැදින්විය හැක. ඔබ මින් පෙර කිසිදු දිනක මෙවන් වායු දිලිසුමක් දැක නැත්නම් නාසා ආයතනය විසින් මුදාහැර ඇති නවතම වායු දිලිසුමේ ඡායාරූපටය ඔබ වශී වනු නොඅනුමානය. එය එතරම්ම සුන්දරය.
යමෙකු එය මුලින්ම දකින කල එය යම් සංස්කරනයකට ලක්ව ඇති බව සිතන්නට පුලුවන. නමුත් එය කිසිදු සංස්කරණයකට ලක්ව නොමැති බව කිව යුතුය. එය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්යසථානයේදී එක් ගගනගාමියකු විසින් ඡායාරූපයට හසු කරගත්තකි.
නාසා ආයතනයට අනුව මෙම දිලිසුම ඇති වන්නේ නයිට්රජන් හා ඔක්සිජන් අණු පාරජම්බුල සූර්යකිරණින් ශක්තිය උකහාගෙන සැතපුම් 50 සිට 400 දක්වා ආලෝකය ලෙස එම ශක්තිය අභ්‍යාවකාශයට මුදාහැරීම නිසාවෙනි.
ඡායාරූපයට හසුකරගන්නා ලද මේ සංසිද්ධිය පෘථිවියත් අභ්‍යාවකාශයත් අතර අතුරුමුහුණත සමීපයේ අංශූන්ගේ හැසිරීම පිලිබදව අධ්‍යයනයට ඉතා වැදගත් බව නාසා ආයතනය කියා සිටියි.