×

ෆෝර්ඩ් ඉන්දියාවෙන් එලියට

මෑත වසර කිහිපය තුළදී ඉන්දියාවේ ව්‍යාපාර නවතා දැමූ නවතම එක්සත් ජනපද කාර් නිෂ්පාදකයා ෆෝඩ් ය.


ෆෝර්ඩ් රථවාහන ඉන්දියාවේ නිෂ්පාදනය කිරිම අවසන් කරන අතර සමාගම ඉන්දියාවෙන් ඉවත්වන විට ඩොලර් බිලියන 2 ක ලාබංශයක් ලබා ගෙන ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පැවසුවේ දළ වශයෙන් සේවකයින් 4,000 ක් සේවයෙන් ඉවත් කරන බවත් නිෂ්පාදන කටයුතු වහාම අවසන් කරන බවත් ය. ප්‍රධාන විධායක නිලධාරි ජිම් ෆාර්ලි පැවසුවේ දිගුකාලීන වර්‍ධනය ළඟා කර ගැනීම සඳහා මෙම පියවර ගැනීම දුෂ්කර නමුත් අවශ්‍යම තතවයක බව යි.ෆෝඩ් හි ඉන්දියාවේ ප්‍රධානී අනුරාග් මෙහ්‍රෝත්‍රා පැවසුවේ, “වසර ගණනාවක සිට එක් වූ පාඩු, අඛණ්ඩ කාර්මික ධාරිතාව සහ ඉන්දියාවේ කාර් වෙළඳපොලේ අපේක්‍ෂිත වර්ධනයක් නොමැතිකම හේතුවෙන් මේ තතවය ගෙන ඇති බවයි.

ෆෝඩ් ( එෆ් ) දිගු කලක් ඉන්දියාවේ තරඟ කර ඇත. නිෂ්පාදන සමාගම 1995 දී එහි කටයුතු ආරම්භ කළ අතර පසුගිය වසර 25 තුළ ඩොලර් බිලියන 2 කට වැඩි මුදලක් ඉන්දියාවෙට ආයෝඡනය කර ඇත. ඉදිරි මාස කිහිපය තුළදී සනන්ද් සහ චෙන්නායි නගර වල කම්හල් දෙකක් වසා දැමෙනු ඇති අතර, වසා දැමීම් හේතුවෙන් පීඩාවට පත් වූ සේවකයින් සමඟ සමාගම “සමීපව කටයුතු” කිරිමටද සමාගම අපෙක්ෂිතයි.2019 දී ෆෝර්ඩ් සිය දේශීය ව්‍යාපාර බොහෝමයක් නව හවුල් ව්‍යාපාරයකට මාරු කිරීම සඳහා ඉන්දිය දේශීය ප්‍රතිවාදියෙකු වූ මහින්ද්‍රා සමඟ ගනුදෙනුවකට එළඹුණ නමුත් පසුගිය වසරේ අග භාගයේදී එම ගනුදෙනුව බිඳ වැටුණි.

මෑත වසර කිහිපය තුළදී ඉන්දියාවේ ව්‍යාපාර නවතා දැමූ නවතම එක්සත් ජනපද කාර් නිෂ්පාදකයා ෆෝඩ් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි