×

‘කැප්ටන් ඇමරිකා‘ නිළිය, මව මැරූ සැකයට රිමාන්ඩ්

ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වූ ‘කැප්ටන් ඇමරිකා‘ "Captain America: The First Avenger," චිත්‍රපටයේ ‘ස්ටාක් ගර්ල්‘ ලෙස රංගනයෙන් එක් වූ මොලී ෆිට්ස්ජෙරල්ඩ් නිළිය (Mollie Fitzgerald) ඇගේ මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.


ඇගේ 68 හැවිරිදි මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය යටතේ ඇයට චෝදනා කර ඇත.

මේ වන විට ඩොලර් ලක්ෂ 5 ක බැඳුම්කරයක් මත ඇය බන්ධනාගර ගත කර තිබේ.

2011 වසරේ තිරගත වූ කැප්ටන් ඇමරිකා චරිත්‍රපටයේ ස්ටාක් ගර්ල් චරිතයට දායක වූ ඇය, එයට ඇමතරව චිත්‍රපට අධ්‍යක්ෂ ජෝ ජොන්ස්ටන්ගේ සහායිකාව ලෙස ද කටයුතු කර තිබේ.

[embedyt] https://www.youtube.com/watch?v=S7gazgP6_7o[/embedyt]

ක්‍රිස් එවන්ස් රඟපාන කැප්ටන් ඇමරිකා චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඇඩො. මිලියන 370ක බොක්ස් ඔෆිස් ආදායමක් ලැබීය.

“The Creeps” සහ “The Lawful Truth.”වැනි ලෝ බජට් චිත්‍රපට කිහිපයක ඇය නිෂ්පාදිකාව ලෙස ද කටයුතු කර තිබේ.

අඟහරුවාදා දිනයේ ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[embedyt] https://www.youtube.com/watch?v=W4DlMggBPvc[/embedyt][embedyt]

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි