ඒ, ඩයමන්ඩ් ප්‍රින්සස් (Diamond Princess), වර්ල්ඩ් ඩ්‍රීම් (World Dream) සහ වෙස්ටර්ඩෑම් (Westerdam) යන නෞකාවන් ය.
මේ, ඒ පිළිබඳ කෙටි විස්තරයකි.
ජපානයේදී පෙබරවාරි 4 වැනිදා පටන් නිරෝධායනයට ලක් කරන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව ලෝ ප්‍රකට වූයේ ‘නිරෝධායන නෞකාව‘ යනුවෙනි. එය කොරෝනා වෛරස් උවදුර බලපෑ ලෝකයේ පළමු නෞකාව ලෙසට ප්‍රචලිත වීම මෙයට හේතුවයි.
මෙම නෞකාවේ ඇමරිකානුවන් 24 දෙනෙක් සිටිති. සම්පූර්ණ මගීන් සංඛ්‍යාව 135 කි.
මගීන් 2000 කට අධික සංඛ්‍යාවක් සහිත වෙස්ටර්ඩෑම් නෞකාව හොලන්ඩ් ඇමරිකා නැව් සමාගමට අයත් එකකි. මෙම නෞකාවෙන් කොරෝනා ආසාදිතයන් තහවුරු කර නොමැති වුවද, ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව ජපන් වරායේ තබාගෙන නිරෝධායනය කිරීම යනාදී හේතු මත එය, සිය ගමනාන්තය වූ ජපානය වෙත ගොඩබෑමට අදිමදි කරමින් මහ මුහුදේම රැඳී සිටියි. කොරෝනා හොට්ස්පොට්ස් ලෙස සැලකෙන තායිලන්තය හා තායිලන්තයේ වරායන් වෙත ගොඩබෑම ද එය ප්‍රතික්ෂේප කළේය.
අවසානයේ වෙස්ටර්ඩෑම්, පෙබරවාරි 13 වැනිදා පිලිපීනයට ගොඩබෑමට තීරණය කර තිබේ.
3600 දෙනෙක් සහිත වර්ල්ඩ් ඩ්‍රීම් නෞකාව සම්පූර්ණයෙන්ම නිරෝධායනයට ලක් කර ආරක්ෂිත බවට තහවුරු කරනු ලැබුවේ පෙබරවාරි 9 වැනිදා ය. දින 5 ක් නිරෝධායනය සඳහා ගත කරනු ලැබිණි. කිසිදු මගියෙකු කොරෝනා ආසාදිතයෙකු නොවන බව ද එහිදී තහවුරු කරනු ලැබිණි.
කෙසේ නමුත් විචාරකයන් පෙන්වා දෙන්නේ කොරෝනා හේතුවෙන් නෞකා කර්මාන්තයට විශාල බලපෑමක් මේ වන විට සිදුව ඇති බවයි.
Main Image: USA Today Post