×

ඩුබායි – එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් ගමන් දින 15 කට අත්හිටුවයි

කොරෝනා වෛරසය ආසාදිත වූවන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ ඩුබායි හි සිවිල් ගුවන් සේවා අධිඅකාරිය විසින් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් ගමන් එළඹෙන ඔක්තෝම්බර් 02 දක්වා අත්හිටුවා  තිබේ. 


කොරෝනා වෛරසය ආසාදිත වූවන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ ඩුබායි හි සිවිල් ගුවන් සේවා අධිඅකාරිය විසින් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් ගමන් එළඹෙන ඔක්තෝම්බර් 02 දක්වා අත්හිටුවා  තිබේ.

විදෙස් වාර්තා පවසන පරිදි දිල්ලි සහ ජයිපූර් සිට පසුගිය අගෝස්තු 28 සහ සැප්තැම්බර් 4 යන දිනවල ඩුබායි වෙත පැමිණි ගුවන් මගීන් දෙදෙනකු එලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන තිබේ.

ඒ අනුව එම ආසාදිතයින් ආසන්නයේ සිටි සියලුම මඟින් නිරෝධායනය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම අත්වැරදීම සම්බන්ධයෙන් අදාළ කාර්ය මණ්ඩලවලට එරෙහිව ක්‍රියාත්මක වීමටද දිල්ලි සහ ජයිපූර් ගුවන් කාර්ය මණ්ඩල හැසිරවීමේ ආයතනය කටයුතු කර තිබෙන බවද සඳහන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි