සුපිරි වීරයෝ දැකබලා ගන්න අපි හැමෝම ආසයි! ඒ වගේම ඒ වගේ අවස්ථාවක් ලැබීම ද විශාල භාග්‍යයකි. ඔන්න මේ කතාවත් ඒ වගේ සුපිරි වීරයෙක්ගේ සම්ප්‍රාප්තියක සටහනකි.
Batman ලෙස ජනප්‍රිය වූ හොලිවුඩ් නළු ක්‍රිස්ටියන් බේල්, කොළඹ සහ මාලදිවයින අතර ක්‍රියාත්මක වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 115 ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමඟ ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය කළඹන්නට විය.
“2023 අප්‍රේල් 3 වන දින UL 115 හිදී ප්‍රවීණ රංඟනශිල්පී ක්‍රිස්ටියන් බේල් පිළිගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. ඔහුගේ ගමනේදී ඔහුට අමතක නොවන ශ්‍රී ලාංකීය අත්දැකීමක් ලබා දීමට හැකිවීම අපගේ පරම සතුටට කරුණකි. නුදුරේදීම ඔහුව නැවත පිළිගැනීමට අපි අපේක්ෂා කරනවා,” ශ්‍රී ලංකන් ගුවන්සේවය මඟින් මෙලෙස සටහනක් තබන්නට විය.
සටහන – නිපුනි ලියනගේ