×

”අග්නිපත්” වලට එරෙහිව ඉන්දියාවේ වීදිපුරා විරෝධය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව විසින් මිලියන 1.38 ක ශක්තිමත් සන්නද්ධ හමුදාවන් සඳහා නව බඳවා ගැනීමේ ප්‍රතිසංස්කරණයක් ප්‍රකාශයට පත් කර ඇත. එමඟින් ඔවුන් බලාපොරොත්තු වන්නේ විශ්‍රාම වැටුප් වියදම් අඩු කිරීම හා වැඩ කළ යුතු කාලය කෙටි කිරීම යන්න අපේක්ෂා කරන බව රජයේ ආරංචි මාර්ග දක්වයි. හින්දි බසින් අග්නිපත් හෝ “ගිනි මාර්ගය” ලෙස හඳුන්වන මෙම නව බඳවා […]


අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව විසින් මිලියන 1.38 ක ශක්තිමත් සන්නද්ධ හමුදාවන් සඳහා නව බඳවා ගැනීමේ ප්‍රතිසංස්කරණයක් ප්‍රකාශයට පත් කර ඇත. එමඟින් ඔවුන් බලාපොරොත්තු වන්නේ විශ්‍රාම වැටුප් වියදම් අඩු කිරීම හා වැඩ කළ යුතු කාලය කෙටි කිරීම යන්න අපේක්ෂා කරන බව රජයේ ආරංචි මාර්ග දක්වයි.

හින්දි බසින් අග්නිපත් හෝ “ගිනි මාර්ගය” ලෙස හඳුන්වන මෙම නව බඳවා ගැනීමේ ක්‍රමය සඳහා, අවුරුදු 17 හමාරක් සහ 21 අතර පිරිමින් සහ කාන්තාවන් වසර හතරක සේවා කාලයක් සඳහා නිල නොවන නිලයන් සඳහා බඳවා ගනු ලැබේ. මෙලෙස නිල නොවන නිලයක් වෙනුවෙන් කෙටි කාලයක් සඳහා බඳවා ගැනීම තරුණ තරුණියන්ගේ කනස්සල්ලට හේතු ව ඇත. ඔවුන් මේ පිළිබඳ දැඩි කෝපයෙන් පසුවන අතර ආවේගශීලීව රට පුරා විරෝධතා පවත්වමින් ඇත.

“අවුරුදු හතරක් විතර වැඩ කරලා අපි කොහෙද යන්නෙ?” විරෝධතා කරුවන් රොයිටර් මාධ්‍යවේදීන් වෙත පවසා ඇත.

මෙම නව ප්‍රතිසංස්කරණය පිළිබඳව හමුදා ප්‍රවීණයන්, විපක්ෂ නායකයින් සහ මෝඩිගේ පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) සමහර සාමාජිකයින් පවා මේ පිළිබඳව ගැටලු මතුකර තිබේ. පවතින තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩි තැබූ බව රොයිටර් මාධ්‍ය නිවේදනය කර ඇති අතර ඔවුන්ගේ වීඩියෝ පට වල වෙඩි තබන දර්ශන ඇතුලත් වේ. තුවාල ලැබූවන් පිළිබඳ ක්ෂණික තොරතුරු මේ වන තෙක් අනාවරණය වී නොමැත.

හර්යානා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තත්වය තව දුරටත් අවුල් වියවුල් වීම වැලැක්වීම සඳහා ඉදිරි පැය 24 තුළ පල්වාල් දිස්ත්‍රික්කයේ ජංගම අන්තර්ජාලය තාවකාලිකව අත්හිටුවා ඇති බව පවසයි. ජෙහානාබාද් හි හරස් මාර්ගයක ටයර් පුළුස්සා දැමූ විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් තම සේවය සඳහා යෝග්‍යතාවය අවධාරණය කරන්නට විය. මීට අමතරව නැඟෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ විරෝධතාකරුවන් නවදා නගරයේ භාරතීය ජනතා පක්ෂ කාර්යාලයකට ගිනි තබා ඇත. බිහාර්හිහිදුම්රිය දේපළවලට ද පහර දී ඇති අතර දුම්රිය ස්ථාන රැසක් විනාශ කර ඇත. විරෝධතා පෙළපාලි රට පුරා විවිධ ප්‍රදේශවල පැතිර ඇති බව පොලිස් නිලධාරීන් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

උත්තර් ප්‍රදේශ්හි භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරයෙකු වන වරුන් ගාන්ධි, බ්‍රහස්පතින්දා ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං වෙත ලිපියක් යවමින් කියා සිටියේ මෙම යෝජනා ක්‍රමය යටතේ බඳවා ගන්නා අයගෙන් 75% ක් වසර හතරක සේවයෙන් පසු රැකියා විරහිත වන බවයි. සෑම වසරකම මෙම සංඛ්‍යාව වැඩි වනු ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත. විරෝධතාකරුවන් විසින් ඉන්දියාවේ නොනවතින විරැකියා ගැටලුව වෙනුවෙන් මෝදිගේ  මෙම ප්‍රතිසංස්කරණය තාවකාලික පැලැස්තර බව මෙහිදී දැඩිව අවධාරණය කරමින් ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි