×

අද මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්දියාව දින 21කට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් ! – මෝදි ජාතිය අමතයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් කියා සිටියේ ඉදිරි දින 21 ක කාලයක් සඳහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරන බවයි.


කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා මෙම පියවර අත්‍යාවශ්‍ය බව ඔහු සඳහන් කරයි. පිටතට යාම පිළිබඳ අමතක කරන ලෙස එහිදී පවසන ඔහු, අවධාරණය කරන්නේ දින 21කට ලොක්ඩවුන් නොකළහොත්, ඉන්දියාව වසර 21කින් ආපස්සට යනු ඇති බවයි.

‘‘ඔබේ නිවෙස්වලින් පිටතට යාම සම්පූර්ණයෙන්ම තහනම්‘‘ යැයි ඔහු රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැවසුවේ සෞඛ්‍ය සේවාවන් සඳහා ඉන්දීය රුපියල් කෝටි 15,000 ක හදිසි මූල්‍යාධාර පැකේජයක් ද වෙන් කළ බව පවසමිනි.

ඉන්දියාවේ මේ වන විට කොරෝනා රෝගීන් 500 කට ආසන්න සංඛ්‍යාවක් හමු වී ඇති අතර, 10 දෙනෙකු මියගොස් තිබේ.

පෙර ලිපිය-

ලොක්ඩවුන් කිරීමේදී ලංකාව සහ ඉන්දියාව, චීනයටත් වඩා ඉදිරියෙන්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි