×

අලුත්ම කෝවිඩ් රෝග ලක්ෂණය – අසාමාන්‍ය පිළී ගඳ සහ ගෙන්දගම් පිළිස්සෙන ගඳ !

අසාමාන්‍ය පිළී ගඳක් දැනීම, කොරෝනාවල දිගු කාලීන රෝග ලක්ෂණයක් විය හැක!


කොරෝනාවෛරසය ශරීරගත වී මාස ගණනකට පසුත්, තමන්ට දැඩි පිළී ගඳක් දැනේනේ යැයි ඇතැම්හු වාර්තා කරති. සමහරුන්ට දැනෙන්නේ සල්ෆ (ගෙන්දගම්) පිළිස්සෙන ගඳකි. එය, දීර්ඝ කාලීන කොරෝනා ලක්ෂණයක් විය හැකිය.

මේ තත්වය දැන් හඳුනාගෙන තිබේ. එය ‘පැරොස්මියා‘ (parosmia) යනුවෙනි. එය ගන්ධය ‘විකෘති ලෙස‘ දැනී යාමකි.

සමරුන්ට ‘පාන් කරවන ගඳක්‘ ද දරාගත නොහැකි මට්ටම්වලින් දැනී ගොස් තිබේ.

Sky News

මේ වන විට මෙම තත්වය කොරෝනා වෛරසයේ දීර්ඝ කාලීන ලක්ෂණයක් ලෙස සැලකෙයි. වෙනත් ලෙසකින් පවසන්නේ නම්, ඔබට කොරෝනා වෛරසය ශරීරගත වී ඇතත්, එහි රෝග ලක්ෂණ නොපෙන්වුවත්, මෙසේ ප්‍රකාශනය වන්නේ රෝග ලක්ෂණයකි.

ඒ අනුව කොවිඩ් වසංගතයේ සුලබ රෝග ලක්ෂණ වන උණ, සෙම්ප්‍රතිශ්‍යාව, සෙම ගතියට අමතරව, ඇතැම් අවස්ථාවල අසාමාන්‍ය ලෙස ගන්ධයන් දැනීම ද ඇතුළත් ය. ‘ගඳ සුවඳ දැනීමේ වෙනසක්‘ ලෙස ද මෙය ඇතැම් අවස්ථාවලදී හඳුන්වා දී ඇත.

එක්සත් රාජධානියේ කන,උගුර, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිර්මාල් කුමාර් මෙය ‘‘අතිශය අසාමාන්‍ය‘ සහ ‘අතිශය සුවිශේෂී‘ (“very strange and very unique) රෝග ලක්ෂණයක් ලෙස විස්තර කරයි. ඔහුගේ මතය වන්නේ මෙය කොවිඩ් වසංගතයට ගොදුරුව සිටින බවට පවතින සුවිශේෂී ලක්ෂණයක් වන බවය.

මෙයට පෙර 2020 මාර්තු මාසයේදී වාර්තා වූයේ කොරෝනා වසංගතයට ගොදුරු වූ රෝගීන්ට ‘ගඳ සුවඳ නොදැනී යාමේ තත්වයක්‘ හටගත හැකි බවයි.
(කියවන්න – ගඳ සුවඳ සහ රසය නොදැනී යාම කොරෝනා වසංගතයේ අලුත්ම රෝග ලක්ෂණයයි) රෝගීන්ගෙන් 2/3 ක් මේ තත්වයට ගොදුරු වන බව ද පැවසිණි.

මෙම සොයාගැනීම කළේ ද එක්සත් රාජධානියේ කන,උගුර, නාසය පිළිබඳ විශේෂඥවෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වන වෛද්‍ය නිර්මාල් කුමාර් විසින්ම වීම ද විශේෂත්වයකි. එය එක්සත් රාජධානියේ නිල රෝග ලක්ෂණ මාර්ගෝපදේශනවලට එකතු කරන ලෙස ද ඔහු එයට මාස ගණනක සිට ආයාචනා කර තිබිණි.

මහාචාර්ය කුමාර් ස්කයි නිව්ස් පුවත් සේවය සමග පැවසුවේ, ‘ගන්ධය විකෘති වී දැනීම නවතම කෝවිඩ් රෝග ලක්ෂණය ලෙස සැලකිය යුතු බව සහ, ඒ අතරින් ද අප්‍රසන්න ගන්ධයන් තීව්‍ර ලෙස දැනී යාම‘ නවතම කෝවිඩ් රෝග ලක්ෂණය ලෙසට සැලකිය යුතුව තිබෙන බවයි.

පෙර ලිපි

ගඳ සුවඳ සහ රසය නොදැනී යාම කොරෝනා වසංගතයේ අලුත්ම රෝග ලක්ෂණයයි

ගඳ සුවඳ නොදැනීම සහ රසය නොදැනීම කොරෝනා වසංගතයේ අලුත්ම රෝග ලක්ෂණයි!

මූලාශ්‍රය

Sky News: Long COVID symptoms may include parosmia as people report ‘disgusting’ smells of fish, burning and sulphur



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි