×

ඇන්ජෙලා මර්කෙල් නිරෝධායනයට

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මේ වන විට නිරෝධායනයට ලක්ව සිටින්නේ ‍නියුමෝනියා තත්වයට එන්නතක් ලබාගැනීමෙන් පසුව ය.


ඇය පොසිටිව් වීමේ අවදානමක් පවතින බවට එම වෛද්‍ය පරීක්ෂණය අනුව සනාථ වන හෙයින් වහාම රාජකාරි කටයුතුවලින් ඉවත්ව නිරෝධානයට යොමු වීමට ඇය තීරණය කර තිබේ.

ඉදිරි දිනවලදී කොරෝනා සම්බන්ධයෙන් නියමිත පරීක්ෂණවලට ලක්වීමට ඇය සූදානමින් සිටියි.

ඇය රාජකාරි කටයුතුවල නිරත වනු ඇත්තේ නිවසේ සිට ය.

සමාජ දුරස්ථභාවය (සෝෂල් ඩිස්ටන්සින්) පිළිපදින ජර්මානු පුරවැසියන් හට ඇය මීට පෙර සිය කෘතඥතාවය පළ කර තිබුණේ රෝගය බෝවීම වැළැක්වීමට ඔවුන් ලබාදෙන දායකත්වය නිසා ය.

මර්කෙල් එහිදී පවසා තිබුණේ මීටර එකහමාරක දුරක් එකිනෙකා සමග පවත්වාගත යුතු බව ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි