×

ඇපලුත් Type-C ට මාරු වෙයිද?

යුරෝපා සංගමයට අයත් රටවල් තුළ 2024 වර්ෂයෙන් පසුව විකිණීමට බලාපොරොත්තු වන සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා එකම ආකාරයේ Charging Port එකක් අන්තර්ගත විය යුතුය


කාලයක් තිස්සේ සිදුවූ ක්‍රියාකාරීත්වයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ඔක්තෝබර් මස 4 වන දින යුරෝපා සංගමය විසින් තීරණය කරනු ලැබූවේ යුරෝපා සංගමයට අයත් රටවල් තුළ 2024 වර්ෂයෙන් පසුව විකිණීමට බලාපොරොත්තු වන සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා එකම ආකාරයේ Charging Port එකක් නැතහොත් Type-C Charging Port එකක් අන්තර්ගත විය යුතු බවයි.

පසුගිය දා පැවති The Wall Street Journal’s WSJ Tech Live Conference හීදී Apple සමාගමේ විධායක නිලධාරියෙකු වන Greg Joswiak විසින් සඳහන් කර ඇත්තේ යුරෝපා සංගමය විසින් සම්මත කළ එම නීතිය පිළිගැනීමට සිදුවන බවත් ඔවුන් හට වෙනත් පිළියමක් නොමැති බවත් ය.

එමනිසා 2023 වසරේ සිට කුඩා ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා ප්‍රථමයෙන් Type-C Charging Port ලබා දීමට කටයුතු කරන බව ඔහු විසින් වැඩිදුරටත් පවසන ලදී.

මෙලෙස යුරෝපා සංගමය විසින් තීරණයක් ගෙන ඇත්තේ එහි සාමාජික රටවල් තුළ දුරකථන අලුතින් මිලදී ගැනීමේ දී පැරණි දුරකථන උපාංග පරිසරයට ඉවතලීම වැඩි වශයෙන් සිදුවන බවත් එම හේතුවෙන් පරිසර දූෂණය මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හරහා සිදුවීම වේගවත් වන බවත් ය.

නමුත් වැඩිදුරටත් ප්‍රකාශ කරමින් Greg Joswiak සඳහන් කරන්නේ එලෙස ලබාගත් තීරණය පිළිගන්නා නමුත් එයට කිසිසේත් සම්පූර්ණයෙන් එකඟ නොවන බවයි. එහි දී මතු කරනු ලබන කරුණ නම් මේ වන විටත් එම අදාල රටවල් තුළ iPhone Lightning Cable භාවිතා කරනු ලබන පරිශීලකයන් විසින් මෙලෙස එකවර සිදුවන මාරුවීම් තුළදී පරිසරයට එක් කරන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය ඉතා ඉහල යනු ඇති බවයි.

SOURCE: FORBES



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි