×

ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් සෝමාලියානුවන් 62කට මරණය

මේ සම්බන්ධව ගවේෂණාත්මක ජනමාධ්‍ය ආයතනය විසින් ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනයන්ට අනුව මෙ වසර තුළ ඇමරිකාව විසින් ප්‍රහාර 40ක් සිදු කර ඇති අතර පසුගිය වසරේ සිදුව ඇත්තේ 35කි.


සොමාලියානු ත්‍රස්ත සංවිධානයක් වන අල් ෂබාබ් ත්‍රස්ත සංවිධානය වෙත එල්ල කළ ප්‍රහාර මඟින් 62 ක් මිය ගෝස් ඇති බව ඇමරිකානු හුමුදාව පවසයි.


ඇමරිකානු හමුදාව ප්‍රහාර මඟින්  පසුගිය සෙනසුරාදා  32ක් මරා දමා ඇති අතර අනෙක් පිරිස ඉරිදා දිනයේදී ඝාතනයට ලක්වී ඇත. පසුගිය වසරේ නොවැම්බරයේ 100 දෙනෙක් ට මරණය ගෙනා සෝමාලියානු ප්‍රහාරයෙන් පසු ඇතිවූ දරුණුම ප්‍රහාරය මෙය බවද ඇමරිකානු හමුදාව පවසයි. 2017 වසරේ ඇමරිකානු ජනපති විසින් සෝමාලියාව තුළ ඇමරිකානු කාර්යාලීය කටයුතු කෙරේ මැදිහත්වීමත් සමල සෝමාලියාව තුළ මෙවැනි ප්‍රහාර සීඝ්‍රයෙන් ඉහළ ගියේය.

මේ සම්බන්ධව ගවේෂණාත්මක ජනමාධ්‍ය ආයතනය විසින් ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනයන්ට අනුව මෙ වනසර තුළ ඇමරිකාව විසින් ප්‍රහාර 40ක් සිදු කර ඇති අතර පසුගිය වසරේ සිදුව ඇත්තේ 35කි.

2017 වසරේ ඇමරිකානු ජනපතිවරයා විසින් සෝමාලියානු කැර‍ලි කණ්ඩායම් වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා බලතල ඉහළ දමන ලදී.

මෙවර අමරිකානු ඉලක්කය වී ඇති අල් ෂබාබ් කණ්ඩායම අල් කයිඩා සංවිධානය හා සම්බන්ධ වූ වක් බවත් මෙම ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන්ට හානියක් නොවූ බවත් ඇමරිකානු හමුදා පැවසුවද සාමාන්‍ය ජානතාවද මේ වන විට ඇමරිකානු මැදිහත්වීම් සහ ප්‍රහාර වල ගොදුරක් වී ඇති බව ජාත්‍යන්තර විචාරක මතයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි