×

ඇමරිකානු ජනාධිපතිවරණය නිසා ඉන්දියාවත් දෙකට බෙදෙයි : යාග හෝම සමග යාදිනි

මේ වන විට ඉතා තියුණු මුහුණුවරක් ගෙන ඇති 2020 ඇමරිකානු මැතිවරණය පිළිබඳ ඉන්දියානුවන් ද අතිශය උනන්දුවක් දක්වයි.


එයට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබෙන්නේ ඉන්දියානුවන් ලක්ෂ සංඛ්‍යාවක් ඇමරිකාවේ පුරවැසියන් ලෙස ඡන්දය ප්‍රකාශ කර ඇති නිසාම පමණක් නොවේ.

කමලා හැරිස්ගේ මුල් ගමේ යාගහෝම

මෙවර ඩිමොක්‍රටික් පක්ෂයේ උප ජනපති අපේක්ෂිකාව වන කමලා හැරිස්ගේ පරම්පරාවම ඉන්දියානු ජාතිකයන් ය. ඇගේ අත්තම්මා අතිශය ප්‍රගතිශීලී කාන්තාවක ලෙස සැලකෙන අතර, එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ කමලා හැරිස්ගේ මව ඇමරිකාවේ බර්කෙලි හි පදිංචියට පැමිණීමයි. කෙසේ වෙතත් දශක ගණනක් තිස්සේ ඉන්දියාවේ සිය ඥාතීන් සමග සමීප සබඳතාවක් පවත්වාගෙන යන කමලා හැරිස් වෙනුවෙන් පුද පූජා නොඅඩුව පැවැත්වෙන්නේ ඇගේ පාරම්පරික ගම්මානයේ ය. එනම් ඉන්දියාවේ තුලසෙන්ද්‍රපුරම්හි ය. මෙහිදී ආගමික ස්ත්‍රෝත්‍ර ගායනය හ හින්දු ප්‍රතිමා කිරිවලින් නැහැවීම සිදුකෙරිණි.

එහිදී එක් දේශපාලනඥයෙකු “අභිෂේකම්” නමින් හඳුන්වන යාදින්නක් ද සිදුකළ බව කියැවේ. මෙය සිදුවූයේ දෙස් විදෙස් මාධ්‍යවල ආවරණය ද සමග ය. කෙසේ නමුත් එහි දැකගත හැකි වූයේ චාම් බවකි.

හැරිස් ගේ මව් පාර්ශවයේ මුත්තණුවන් උපත ලැබූ එම දකුණු ඉන්දියානු ප්‍රදේශයේ ජනතාව එම පවුල් සම්බන්ධය හේතු කරගෙන ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයට බෙහෙවින් ඇලුම් කරති.

ට්‍රම්ප්ගේ ජය පතා නොකඩවා යාගහෝම

මේ අතර, මිලියන පහක් හින්දූන් ගේ සහය ඇතැයි කියන කණ්ඩායමක් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජය පතා දෙවියන් යදින්නේ ඉන්දියාවේ ප්‍රතිවාදීන් ලෙස සැලකෙන පාකිස්තානය සහ චීනය එක්සත් ජනපදය ලවා මැඩ පවත්වා ගැනීමට ය.

නව දිල්ලියේ ‘හින්දු සේනා’ නමින් හඳුන්වන කණ්ඩායම ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය පතා පුද පූජා පැවැත්වූයේ ඉතා උත්සවකාරී ලෙස ය.

“ඉන්දියාවට ත්‍රස්තවාදය පරාජය කළ හැක්කේ ට්‍රම්ප් සිටින්නේ නම් පමණ යි” යැයි එම කණ්ඩායමේ නායක විෂ්නු ගුප්තා නමැත්තා කියා තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි