×

ඇමරිකාවේ ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වේ.

මෙයට මූලිකම හේතුව වී ඇත්තේ සිරියානු යුද්ධය අවසන් කළ බව සහ ඇමරිකානු හමුදාව නැවත සිය රට බලා පැමිණිය යුතු බවට ඇමරිකානු ජනපතිවරයා විසින් ගත් තීන්දුව ප්‍රතික්ෂේප කිරීමයි.


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ජිම් මැටිස් (Jim Mattis) තනතුරෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත. ඔහු ලබන වසරේ පෙබරවාරියේදී ඉවත් විය යුතු බව ට්‍රම්ප් විසින් නිවේදනය කරන ලදී.

මෙයට මූලිකම හේතුව වී ඇත්තේ සිරියානු යුද්ධය අවසන් කළ බව සහ ඇමරිකානු හමුදාව නැවත සිය රට බලා පැමිණිය යුතු බවට ඇමරිකානු ජනපතිවරයා විසින් ගත් තීන්දුව ප්‍රතික්ෂේප කිරීමයි.

මේ සම්බන්ධව ආරක්ෂක ලේකම් වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලියමින් පවසා ඇත්තේ ඕනෑම ජනපතිවරයෙකුට තමන්ගේ දැක්ම හා ගැලපෙන දැක්මක් ඇති ආරක්ෂක ලේකම්වරයෙක් ගේ සේවය ලබා ගැනීමේ අයිතියක් ඇති බවයි.

තමන් ඉදිරියේදී හිස් වන තවතුරට කවුරුන් පත්කරන්නේදැයි යන්න ට්‍රම්ප් තවමත් කිසිදු අදහසක් දක්වා නොමැත‍

ISIS පරාජය කරමින් සිරියාවේ යුද්ධය නිම කළ බවට ඇමරිකානු ජනපති පුරසාරම් දෙඩුවද තවමත් සිරියාව පවතින්නේ විවිධ ආකාරයේ තර්ජන සහ අවදානම් සමූහයක් මැද බව එරට ආරක්ෂක විශේෂඥයන් විසින් පැහැදිලි කළද ට්‍රම්ප්ගේ මතය වූයේ ඇමරිකානු හමුදා නැවත ගෙන්වා ගත යුතු බවයි..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි