×

ඇමරිකාවේ ශ්‍රම වෙළඳපොල උච්ඡාවචනයේ

ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යපාරික හිමියන් පසුගිය නොවැම්බර් මාසයේදී කම්කරුවන් 210,000ක් පමණක් බඳවා ගෙන ඇති අතර, ආර්ථික විද්‍යාඥයින් දැක්වූ පුරෝකතන  වැරදි තිබේ.


ඔවුන් දක්වන්නට වූයේ මෙම  කොරෝනා තත්වය හමුවේ ඉදිරියේ බොහෝ රැකියා වියුක්තියක් ඉස්මතු වන  බවයි.

මේ අනුව එරට විරැකියා අනුපාතය 4.2% දක්වා තියුනු ලෙස පහත වැටුණු අතර තවත් ඇමරිකානුවන් රැසක් නැවත සිය රැකියාවන් සඳහා එක් වී සිටි. ඔක්තෝබර් මාසයේ දී මෙම විරැකියා අනුපාතය 4.6% සිට පහත වැටී ඇත.

ඇතැම් ආයතනික වැටුප් ද මාසයෙන් මාසය ඉහළ ගිය අතර බොහෝ සේවා යෝජකයින් හිඟ ශ්‍රමය පියවා ගැනිමට ආකර්ශනීය කොන්දේසි හා දීමනා ඉදිරිපත් කර ඇත.

එමෙන්ම කොරෝනා වයිරසයේ Omicron ප්‍රබේදය සමගින්   එක්සත් ජනපද ආර්ථිකයේ ඉදිරි දැක්ම ඉදිරියේ වෙනස් වීමට ඉඩ ඇත. නමුත් විශේෂයෙන්ම සිල්ලර වෙළඳාම, සහ ආගන්තුක සත්කාර සේවාවන් අපේක්ෂා කළ පරිමාණයෙන් ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වැඩිවීමක් දක්නට නොලැබුණි.

ඒ තව දුරටත් සංචණය සඳහා පවතින භීතිය නිසාවෙනි.කෙසේ වෙතත්, මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් තවමත් නැවත රැකියාවට ගොස් නොමැති අතර, සමස්ත ශ්‍රම බලකාය වසංගතයට පෙර පැවති ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස සීමා වී තිබේ.

මෙසේ රැකියාවේ යෙදී සිටින හෝ රැකියාවක් සොයන පුද්ගලයින් සංඛ්‍යාවේ වැඩිවීමක් තිබියදීත්, 2020 පෙබරවාරි මාසයට සාපේක්ෂව ශ්‍රම බලකායේ තවමත් මිලියන 3.9 ක අඩුවක් පෙන්නුම් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි