×

ඇමරිකාව අසමත් වෙමින් යන රාජ්‍යයකි. පවත්නා දේශපාලන ව්‍යූහයට මේ අර්බුදය විසඳිය නොහැක!

2020 වසරේ දී, ඇමරිකාව තමන් අනෙක් ජාතින් ගෙන් වෙනස් වන බව කිව හැකි නරක ම ආකාරවලින් කියා තිබේ. වෙනත් කිසිදු ධනවත් රටකට මේ තරම් දුර්වල මහජන සෞඛ්‍යයක් හෝ යටිතල පහසුකම් හෝ මේ තරම් අස්ථාවර සමාජ ආරක්ෂණ පද්ධතියක් නොමැත.


ඇමරිකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය සහ ප්‍රචණ්ඩ අපරාධ මට්ටම සම කළ හැක්කේ වෙනිසියුලාවට හෝ දකුණු අප්‍රිකාවට මිස කැනඩාවට හෝ ජර්මනියට නොවේ. ළදරු මරණ වැනි ප්‍රධාන දර්ශක අතින් කියුබාව, බොස්නියාව සහ හර්ස්ගොවිනාව ද මේ ලෝක සුපිරි බලවතා පරාජය කරති.

මිලියන 29 ක් ජනතාව කුසගින්නේ

ලොව බලවත් ම රටෙහි, මිලියන 29.3ක ජනතාවක් ඔවුන්ට “ඇතැම්විට” හෝ “බොහෝවිට” කෑමට යමක් නොමැති බව කියා සිටිති. එක්සත් ජාතීන් ගේ සංවිධානයට අනුව මිලියන 40ක් ඇමරිකානුවෝ දරිද්‍රතාවයෙන් පෙළෙති. මිලියන භාගයකට නිවාස නැත.

මේ දත්ත සියල්ලක් ම සත්‍ය වන්නේ ගෝලීය වසංගතයේ ආර්ථික පසු බැස්ම විඳ දරා ගැනීමට සිදුවන්නට පෙර සිට ය.

මේ වැනි සංඛ්‍යාලේඛන අතරතුර, එක්සත් ජනපදයේ සාපේක්ෂ ස්ථාවර භාවය පුදුම සහගත ය. එරට ජනප්‍රිය ඡන්දබලය ප්‍රජාතන්ත්‍රවාදී ආයතන (සුදු ජාතික පිරිමින්ට පමණක් හෝ) සියවස් දෙකක් පුරාවට පවත්වා ගෙන ඇති අතර, එයාකාරයේ රජයක් විශාල ධනයක් නිෂ්පාදනය කරන්නට සමත් වේගවත් ධනවාදී ආර්ථිකයක් සමග සම්බන්ධ කොට ඇත. මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, ඇමරිකානු ව්‍යාපාර හිමියෝ  විශාල සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී හෝ කම්කරු පක්ෂයක නැගීම නොතකා සිටින්නට සමත් ව සිටිති; එක්සත් ජනපදයේ ආර්ථික සාධාරණත්වය පෙරී – සහ දියාරු වී ඇත්තේ – මධ්‍යස්ථවාදි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයකින් සහ දැඩි වියවුල් සහිත, ජනප්‍රිය වුවමනා සීමා කරන්නට සිතා මතා ම නිර්මාණය කරන ලද ආණ්ඩුකරණයකිනි.

ලජ්ජාසහගත ලෙස නිෂ්ඵල වීමක්

එහෙත් ඇතැම් විට එම වියවුල එහි අවසාන සීමාව වෙත ළඟා වී තිබෙනවා වන්නට පිළිවන. පසුගිය දශකය, පවත්නා පිළිවෙත වෙත අභීත අභියෝග එල්ල කළ දශකයක් විය- අත්පත් කරගැනීමේ ව්‍යාපාරය (Occupy movement), බර්නි සැන්ඩර්ස් ගේ පුදුමයට පත් කරවන සුලු පිටස්තර අභියෝගය, ඒ හා සමානවම සිදුවූ බලාපොරොත්තු රහිත ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නැගීම සහ ජනතාවාදී අයිතිය, සහ පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි වීදී විරෝධතා ඒවා අතර වේ. මේ සියල්ලට ම සහ ඒවාට කොවිඩ් ගෝලීය වසංගතයට මුහුණ දීමට ඇති නොහැකියාවට මුහුණ දෙන අතර, ඇමරිකානු රාජ්‍යය ලජ්ජාසහගත ලෙස නිෂ්ඵල සහ සියලු දෙනාට ම බලපැවැත්වෙන නීත්‍යාකූල බවින් තොර වීමෙන් බැට කයි.

මේ ප්‍රශ්නයේ එක් කොටසක් එක්සත් ජනපදයේ ෆෙඩරල් ක්‍රමය මත රඳා පවතියි. දේශීය, රාජ්‍ය සහ ෆෙඩරල් මට්ටම් අතර බලය බෙදී යාම නිසා පද්ධතියේ නිමක් නොවන නැවතුම් ඇත්තේ, ප්‍රතිශෝධනයට ඇති ඉඩ කඩ දැඩි ලෙස අසුරාලමිනි.

රදළ ආණ්ඩුවක් ලෙස පවත්වාගෙන යාමක්

පැහැදිලිව ම, මේ විධිය තුළ ප්‍රභූ පිරිසට යම් ප්‍රයෝජනයක් තිබේ. කම්කරු මාධ්‍යවේදියකු වන රොබර්ට් ෆිච් එය මැනවින් විස්තර කරයි: “දකුණේ අරමුණ නම් පන්ති අරගලයේ පරාසය අවම කිරීමයි. – එය හැකි තරම් අඩු මට්ටමකට ගෙන ඒම යි. දේශපාලන ඒකකය කුඩා සහ දේශීය වන තරමට එය රදළ ආණ්ඩුවක් ලෙස පවත්වාගෙන යන්නට පහසුයි.”

ඇමරිකානු ජනරජය ප්‍රතිසංස්කරණය කළ යුතුය

කටයුතු සිදුවන ආකාරය වෙනස් කරන්නට වෙර දරන වමේ සිටින්නන්ට – මෙහි වියවුල ඇත්තේ බලයට සහ ආණ්ඩුවට පිවිසීමේ ම පමණක් නොව, සියලු දෙනාට ම යුක්තිය ඉටුවන අයුරින් ඇමරිකානු ජනරජය නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙහි ය. එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත් ම ප්‍රගතිශීලී වකවානු – ඒබ්‍රහම් ලින්කන් සහ වහල් පන්තිය ඉන් මුදවා ගැනීමට කරන ලද අරගලය; ජනතාවාදී කාල පරිච්ඡේදය; නව ගනුදෙනුව (New Deal) මෙහි නියම අර්ථය ඇතුළත් කරගෙන තිබේ. ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් හට නව ඒකරාශී වූ කේවල් කිරීමේ අයිතින් සහ හිමිකම් ව්‍යාපාර වඩාත් ඵලදායි රජයේ ආයතනවලින් ආරක්ෂණය කිරීම වැදගත් විය. ඔහු ගේ පරිපාලනය, කම්කරු නීතිය බලාත්මක කිරීමට, පරිපාලන අංශය ප්‍රතිසංවිධානය කිරීමට සහ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය නව්‍ය කරණයට ලක්කිරීමට අවශ්‍ය නව ආයතන ඇති කිරීමට උත්සහ දැරුවේ ය. රූස්වෙල්ට් (එවකට නිල නොවන පරිදි) ජනාධිපති ගේ දෙවාරයක් පමණක් ඡන්දය ඉල්ලීමට ඇති සීමාව ද ඉවත් කරන්නට ද සිතුවේ ය.

අරමුණු ජනප්‍රිය කරනවා පමණක් නොව ආයතනයික වශයෙන් ද ඒවා සාර්ථක කර ගත යුතුය

ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් ගේ සහ ඔහු ගේ පසුකාලීනයන් ගේ සාර්ථකත්වය සීමා සහිත විය. එක්සත් ජනපදයේ අසමත්කම් අතර ම, ජනතා එක්රැස්වීම්, කාලයත් සමග, යම් යම් දේ ලබාගෙන ඇත්තේ පූර්ණ වශයෙන් ම අසාර්ථක දේශයක් බවට එක්සත් ජනපදය පත් නො කරමිනි. ඔවුන් ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගෙන ඇති අතර එම අයිතින් කළු ඇමරිකානුවන්ට, කාන්තාවන්ට සහ අනෙකුත් පීඩිත ප්‍රජාවන් වෙත ද යොමු කර ඇත. ඔවුනට දැඩි දිළිඳුකමෙන් පෙළෙන්නන් සහ වැඩිහිටියන් සම්බන්ධයෙන් සීමා සහිත සුබසාධන පද්ධතියක් ඇති අතර සියලු දෙනාට ප්‍රාථමික සහ ද්විතියික අධ්‍යාපනය ලබා දීම සම්බන්ධයෙන් පොදු ඇපවීමක් ද පවතී. එහෙත් ඔවුන් ජීවත් වන්නේ ඔවුන් ගේ කම්කරුවන් ගේ ව්‍යාපාරය, විසිවැනි සියවසේ අනෙක් සංවර්ධිත රටවල මෙන් මුල්බැස ගැනීමට අපොහොසත් වීමේ සෙවණැලි තුළ ය. මෙහි ප්‍රතිඵලය නම් සෙමින් උද්ගත වන කුසගින්න සහ දිළිඳුකම වැනි ගැටලු ද, වඩාත් වේගයෙන් උද්ගත වන කොරෝනා වෛරසය සහ කාලගුණ වෙනස්වීම වැනි ගැටලු ද නිසි ලෙස අමතන්නට ඇති නො හැකියාව යි.

සියලු දෙනාටම වෛද්‍ය පහසුමක්, හරිත රැකියා, සහ දැරිය හැකි මිලෙන් යුතු නිවාස සම්බන්ධයෙන් බහුතරයේ සහය දිනා ගැනීම කළ හැකි ඒවා ලෙස පෙනී යයි. එහෙත් ඔවුන් ගේ අරමුණු ජනප්‍රිය කරවීමට ම පමණක් නොව, ඒවා ආයතනික වශයෙන් කර ගැනීමට ද හැකි මගක් සොයා ගන්නට වම උත්සුක විය යුතු ය.

සෙනෙට් සභික එලිසබෙත් වොරන් සහ මාධ්‍යවේදී ජෙෆ්රි ටෝබින් වැනි ලිබරල් චරිත මෙවැනි වෙනස්කම් කිරීමට ඇති අවශ්‍යතාව පිළිබද හඬ නගා ඇත. එහෙත් ඔවුනට ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හෙවත් මැතිවරණ විද්‍යාලය ඉවත් කිරීමෙන් හෝ වොෂින්ටන් ඩී. සීහි පුරවැසියන්ගේ පූර්ණ කොංග්‍රස්  නියොජනයෙන් නතර විය නො හැකි ය. ඔවුන් මූලධාර්මික වශයෙන් ඔවුගේ නූතන ආර්ථිකයට සහ සමාජයට ඔබ්බවා ඇති පෙර-නූතනවාදී දේශපාලන පද්ධතිය වෙනස් කිරීමට අරගල කළ යුතු ය. ප්‍රගතිශීලීන්ට, මෙය ට්‍රම්ප් ධවල මන්දිරයෙන් ඉවත් කිරීමට වඩා බැරෑරුම් කර්තව්‍යයක් වුවත්, එය කිරීම අත්‍යවශ්‍ය ය.

Guardian US හි තීරු ලිපි රචකයෙකු වන භාස්කාර් සුන්කාරා විසින් ලියන ලද America is a failing state. And establishment politics can’t solve the crisis ලිපියේ සිංහල පරිවර්තනයයි.

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි