×

ඇමරිකාව හා තලෙයිබාන්වරු අතර සාකච්ඡා

මෙහිදී එක්සත් ජනපද පරිපාලන නිලධාරීන් තලේබාන්වරුන් සමඟ ඔවුන්ගේ සංවාද වලදී කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ දුක්ඛිත තත්ත්වය නැවත නැවතත් මතු කර ඇති අතර වෙන කිසිම රටක කාන්තාවන් සහ ගැහැණු ළමයින් මෙතරම් වේගයෙන් පොදු ජීවිතයේ සෑම අංශයකින්ම අතුරුදහන් වී නොමැති බව අවධාරණය කළ බව වාර්තා වේ.


ඇමරිකා එක්සත් ජනපදය පසුගිය ජූලි මස අගදී කාබුල්හීදි අල්කයිඩා නායක අයිමන් අල්-සවාහිරි සිය මහල් නිවසේදී ඩ්‍රොන ප්‍රහාරයකින් මරා දැමීමෙන් අනතුරුව බයිඩන්ගේ CIA නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩේවිඩ් කොහෙන් ඇතුළු නියෝජිතයන් පිරිසක් ඊයේ දිනයේදී තලෙයිබාන් සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානියා වන අබ්දුල් හක් වසීක් ඇතුළු තලේබාන් දූත පිරිස සමඟ කටාරිහිදී සාකච්ඡා පැවැත්වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකය ස්ථවර කිරීම වෙනුවෙන් ඩොලර් බිලියන 3.5 ක අරමුදලක් පිහිටුවා ඇති බව බයිඩන්ගේ නියෝජිතයන් විසින් පසුගියදා නිවේදනය කල අතර එම අරමුදල් ඇෆ්ගන් ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන බවට සහතික වීම විශ්වාසදායක බැවින් අරමුදල් තවමත් නිදහස් කර නැත.


මෙහිදී එක්සත් ජනපද පරිපාලන නිලධාරීන් තලේබාන්වරුන් සමඟ ඔවුන්ගේ සංවාද වලදී කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ දුක්ඛිත තත්ත්වය නැවත නැවතත් මතු කර ඇති අතර වෙන කිසිම රටක කාන්තාවන් සහ ගැහැණු ළමයින් මෙතරම් වේගයෙන් පොදු ජීවිතයේ සෑම අංශයකින්ම අතුරුදහන් වී නොමැති බව අවධාරණය කළ බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී__



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි