×

ඇමසන් හායනය වාර්තාගත ලෙස ඉහළ​ට

සමහරක් හානියට පත් ඉඩම් යථා තත්ත්වයට පත් කිරීමට, ලැව්ගිනි මැඩපැවැත්වීමට සහ ආදිවාසී ප්‍රජාවන්ට සහාය වීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට යොදවයි.


බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ වන විනාශය වසර 15කට වැඩි කාලයක් තුළ එහි ඉහළම මට්ටමට පැමිණ ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.

බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය (Inpe) විසින් කරන ලද වාර්තාවකින් හෙළි වූයේ වසරක් තුළ වනාන්තර විනාශය 22% කින් වැඩි වී ඇති බවයි.COP26 දේශගුණ සමුළුවේදී 2030 වන විට වන විනාශය අවසන් කිරීමට සහ වන විනාශය ආපසු හැරවීමට පොරොන්දු වූ රටවල් අතර බ්‍රසීලය ද වේ.

ඇමසන් වනාන්තරය ශාක හා සත්ත්ව විශේෂ මිලියන තුනක් පමණ වන අතර ආදිවාසීන් මිලියනයක් පමණ වාසය කරන ජෛව පාරිසරික පද්ධතියකි.

එය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ වේගය අඩු කරන අත්‍යවශ්‍ය කාබන් ගබඩාවකි.නවතම දත්ත වලට අනුව, 2020-21 කාලය තුළ වර්ග කිලෝමීටර් 13,235 (වර්ග සැතපුම් 5110) පමණ අහිමි වී ඇති අතර එය 2006 න් පසු වාර්තා වූ ඉහළම අගයයි.2019 දී බ්‍රසීලයේ කීර්ති නාමයට හානි කල බවට මෙම පර්යේෂණ ආයතනයට බ්‍රසිල රජය චෝදනාවන්ද එල්ල කරන්නට විය.නමුත් පසුගිය නොවැම්බර් මාසයේ ග්ලාස්ගෝ හි පැවති දේශගුණික සමුළුවේදී බ්‍රසීලය ප්‍රධාන පාරිසරික ගිවිසුමකට අත්සන් තැබූ ප්‍රධාන රටකි.

එය ඇමසන් නිසා බොහෝ දෙනාගේ අවධානයට ලක් විය.මෙම නොවැම්බර් පාරිසරික එකඟතාවය යටතේ පවුම් බිලියන 14ක් (ඩොලර් බිලියන 19.2ක්) රාජ්‍ය සහ පෞද්ගලික අරමුදල් වෙතින් වෙන් කර ඇත.

එයින් සමහරක් හානියට පත් ඉඩම් යථා තත්ත්වයට පත් කිරීමට, ලැව්ගිනි මැඩපැවැත්වීමට සහ ආදිවාසී ප්‍රජාවන්ට සහාය වීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට යොදවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි