×

ඇෆ්ගනිස්ථානයට සමාන බංග්ලාදේශයේ තලේබාන් රාජ්‍යයක්

අගමැති  මෝදිට ආරාධිත අමුත්තා ලෙස ආරාධනා කිරීමට හසිනාගේ රජය ගත් තීරණයට විරෝධය පා රට පුරා පොලිස් වෙඩි තැබීම්වලින් රැඩිකල් හෙෆාසාත්-ඉස්ලාම් කණ්ඩායමේ ආධාරකරුවන් 14 දෙනෙකු මිය ගියහ.


බංගලාදේශයේ ඩකා මෙට්‍රොපොලිටන් පොලිසියේ ඒකාබද්ධ කොමසාරිස් මහබුබර් රහ්මාන් පසුගිය බදාදා කියා සිටියේ ඇෆ්ගනිස්ථානයට සමාන බංග්ලාදේශයේ තලේබාන් රාජ්‍යයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් හෙෆාසාත් සටන්කාමීන් සඳහනක් කර ඇකි බවයි.
ජමාඅත්-ඉස්ලාම් සහ හෙෆසාත් නායකයින් කිහිප දෙනෙකු සටන්කාමී සංවිධානයක් වන ලෂ්කර්-ඊ-තාලිබා (එල්ඊටී) සමඟ සම්බන්ධ වී ඇති බව සටන්කාමීන් පවසා තිබේ. මීට අමතරව, ඩකා පොලීසිය ද මේ සම්බන්ධයෙන් විවිධ සාක්ෂි එකතු කර ඇත.
ඉස්ලාමීය රැඩිකල්වාදීන් වන මාමුනුල් හුක් සහ හරුන් ඉෂාර්, ෂේක් හසීනාගේ නායකත්වයෙන් යුත් රජය නෙරපා හැරීම සඳහා සිවිල් ගැටුම් වලට සහාය දුන් අතර, මේ සඳහා  වැඩි වශයෙන් අරමුදල් සපයනු ලැබුවේ පාකිස්තානයේ සටන්කාමී සංවිධානයන් විසිනි.
මේ අතර, පසුගියදා හෙෆාසාත්-ඉස්ලාම් කමිටුවේ මහලේකම් එහි සාමාජික නුරුල් ඉස්ලාම් ජෙහාඩිගේ නායකත්වයෙන් යුත් සටන්කාමී සංවිධානයක් වන හෙෆසාත් ඉස්ලාම් හි හය දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එරට ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් කමල් මහතා හමුවිය.
මෙම තලෙයිබාන් හිතවාදින් සඳහන් කරන්නේ  බංගලාදේශයේ  1971 විමුක්ති අරගලයට විරුද්ධව එරට රජය ක්‍රියාත්මක බවයි.  1971 දි බංගලාදේශය ස්වාධින රාජ්‍යයක් ලෙස ප්‍රකිශයට පත් විය.මාර්තු 26 වන දින බංග්ලාදේශයේ නිදහස ලබා 50 වන සංවත්සරය සැමරීම සඳහාඉන්දිය අගමැති  මෝදිට ආරාධිත අමුත්තා ලෙස ආරාධනා කිරීමට හසිනාගේ රජය ගත් තීරණයට විරෝධය පා රට පුරා පොලිස් වෙඩි තැබීම්වලින් රැඩිකල් හෙෆාසාත්-ඉස්ලාම් කණ්ඩායමේ ආධාරකරුවන් 14 දෙනෙකු මිය ගියහ.
(wionewsඇසුරින්)


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි