×

ඉක්වදොරයේ බන්දනාගාරයක ප්‍රචණ්​ඩ ගැටුම්

මීට පෙර, 2021 පෙබරවාරි මාසයේදී, එරට බන්ධනාගාර තුනක සිදු වූ කෝලාහල වලින් සිරකරුවන් 79 දෙනෙකු මියගියහ.පසුගිය ජූලි මාසයේදී ලිටෝරල් සිරගෙදරදී තවත් සිරකරුවන් 22 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් විය.


ඉක්වදොරයේ බන්දනාගාරයක් තුල කල්ලි දෙකක් අතර, ඇති වූ ප්‍රචන්ඩ ගැටුමක් හේතුවෙන් පුද්ලයන්118 දෙනෙක් ජිවතක්ෂයට පත්ව ඇති අතර, මේ වන විට බන්ධනාගාරය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

79 දෙනෙකු තුවාල ලබා ඇත.බන්ධනාගර බලධාරීන් පැවසුවේ මියගිය අයගෙන් අවම වශයෙන් පස් දෙනෙකුගේ හිස ගසා දමා ඇති බව සොයා ගත් බවයි. පොලිස් සහ හමුදා වාහන මෙන්ම ගිලන්රථ ද බන්ධනාගාර සංකීර්ණයට ඇතුළු වි ඇත.

ප්‍රදේශය පුරා හෙලිකොප්ටර් යානා පියාසර කරමින් සිටි.මෙය මත්ද්‍රව්‍ය කල්ලි දෙකක් අතර ගැටුමක් බවයි වාර්තා වන්නේ.

ගුවායාකිල් හි හදිසි අපරාධ විද්‍යාගාරයෙන් පිටත සිය ගණනක් මිනිසුන් රැස්ව , සිරගෙදරදී මිය ගිය බවට විශ්වාස කරන ඥාතීන්ගේ සිරුරු එකතු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් එක්ව සිටි.සමහර අයගේ සිරුරු විකෘති කර හෝ පුළුස්සා දමා ඇති නිසා හඳුනා ගැනීම දුෂ්කර වි ඇත.2016 පෙබරවාරි මාසයේදී සිදු වූ එරට මාරාන්තික බන්ධනාගාර කෝලාහල වලින් පසුව සිදු වූ බරපතල අර්බුදය මෙයයි.

මීට පෙර, 2021 පෙබරවාරි මාසයේදී, එරට බන්ධනාගාර තුනක සිදු වූ කෝලාහල වලින් සිරකරුවන් 79 දෙනෙකු මියගියහ.පසුගිය ජූලි මාසයේදී ලිටෝරල් සිරගෙදරදී තවත් සිරකරුවන් 22 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි