×

ඉන්දියාව කොරෝනා සමඟ යුද්ධයක – තවදුරටත් දෛනිකව ලක්ෂ ගණනින් ආසාදිතයින් වර්තා වෙයි

ඉන්දියාව තුළ මෙවැනි ඉතා අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වී ඇත්තේ සෞඛ්‍ය උපදෙස් නොතකා ආගමික වැඩසටහන් ඇතුළු ජනතාව ඒකරාශී වන අවස්ථා බව දැක්වෙයි.


ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවේ මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබේ.

ඒ,184,372ක් ලෙසය.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි ගෙවුණු ඔක්තෝම්බරයේ සිට දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් 19 මරණද වාර්තා වී තිබෙන අතර එය 1027ක් ලෙස දැක්වෙයි.

ඒ අනුව ඉන්දියාව තුළ මේ වන විට සමස්ත ආසාදිතයින් 13,873,825ක් වාර්තා වී තිබේ.

සමස්ත කොවිඩ් මරණ යාවත්කාලීන වී ඇත්තේ 172,085ක් ලෙසය.

ඉන්දියාව තුළ මෙවැනි ඉතා අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වී ඇත්තේ සෞඛ්‍ය උපදෙස් නොතකා ආගමික වැඩසටහන් ඇතුළු ජනතාව ඒකරාශී වන අවස්ථා බව දැක්වෙයි.

විශේෂයෙන් කුම්භමේලා ආගමික උත්සවය පවත්වන උත්තරාකන්ඩි ප්‍රාන්තයේ හරිද්වාර් නගරයෙන් වාර්තා වන ආසාදිතයින් වැඩි වී තිබේ.

සංචරණ සීමා දැඩි කර තිබුණද මේ වන විටත් එරට කොරෝනා පාලනය ගිලිහි ගොස් තිබෙන බවයි ඉන්දීය වාර්තාම පෙන්වා දෙන්නේ.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි