×

ඉන්ධන හතර ගුණයකින් ඉහල ගිය නයිජීරියාව

නයිජීරියාවේ ගුවන් සමාගම් පවසන්නේ ගුවන් යානා ඉන්ධනවල මිල වැඩිවීමට විරෝධය පළ කරමින් සඳුදා සිට සිය අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමේ සැලැස්ම නවතා දැමූ බවයි.


මේ වසරේඉන්ධන හතර ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති අතර එය ආර්ථික ස්ථායිතාවයට නොගැලපෙන බව නයිජීරියාවේ ගුවන් සේවා ක්‍රියාකරුවන්‍ පවසයි.

ප්‍රධාන වශයෙන් රුසියාව විසින් පෙබරවාරි මස අවසානයේ යුක්‍රේනය ආක්‍රමණය කිරීම මගින් මෙම ඉහල දැමීම් ගැටලුකාරි වී තිබේ.නමුත් එරට රජය සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බැවින් ගුවන් ගමන් තවමත් සිදු වෙයි.

ගැටලුව සමගින් මාර්තු මාසයේ සිට බොහෝ ගුවන් ගමන් අවලංගු කිරීම් ප්‍රමාදයන් සිදු වීම් සිදුව ඇති අතර, බොහෝ විට ගුවන් යානා ඉන්ධන හිඟයක් හේතුවෙන් පසුගිය සතිවල ඇතැම් ගුවන් මාර්ගවල ප්‍රවේශපත්‍රවල මිල ද තුන් ගුණයකින් වැඩි වී තිබේ.

අප්‍රිකාවේ විශාලතම තෙල් නිෂ්පාදකයා වුවද, නයිජීරියාව සිය ගුවන් යානා ඉන්ධන සියල්ලම පාහේ ආනයනය කරයි.නයිජීරියාවේ මගීන්, එරට අවප්‍රමාණය වී ඇති දේශීය මුදල් ඒකකය වන නයිරා , ගාස්තු වෙනුවෙන් ගෙවයි.

කෙසේ වෙතත්, එරටට ඉන්ධන සපයන්නන් එක්සත් ජනපද ඩොලර් වලින් ගෙවිය යුතුය. රට පුරා ඇති මාර්ගවල අනාරක්ෂිත භාවය නිසා එය දැරිය හැකි අය සඳහා මේ දිනවල බොහෝ විට ගමන් සඳහා වඩාත් කැමති විකල්පය වන්නේ ගුවන් ගමන් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි