×

ඊශ්‍රායලය සීමා පනවයි

ඊශ්‍රායලය සිය රටට ඇතුළු වන විදේශිකයන්ට දින 14 ක කාලයක් රට තුළට ඇතුළුවීම තහනම් කිරීමට තීරණය කර තිබේ. මෙම තහනම කැබිනට් අනුමැතියෙන් පසු අද ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


ඊශ්‍රායලය මේ වන විට දකුණු අප්‍රිකාවෙන් ප්‍රථම වරට අනාවරණය කරගත් වඩාත් බෝවිය හැකි Omicron ප්‍රභේදයේ එක් ආසාදිතයෙක් තහවුරු කර ගෙන ඇත.

මේ වන විට බොහෝ රටවල් දකුණු අප්‍රිකාවට සහ ඊට අසල්වැසි රටවලට ගමන් කිරීම තහනම් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නව ප්‍රභේදය “කනස්සල්ලට කරුණක්” බවට අනතුරු අඟවා ඇත.

රටවල් කඩිමුඩියේ සංචාරක සීමා පැනවීමට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත්තේ ඔවුන් “අවදානමට සුදානම්ව සහ විද්‍යාත්මක ප්‍රවේශයකින් මේ පිළිබඳ බැලිය යුතු බවයි.

ඊශ්‍රායල නොවන අයට ඇතුළුවීම තහනම් කිරීමට අමතරව, එන්නත් කරන ලද සියලුම ඊශ්‍රායල ජාතිකයින් සඳහා දින තුනක අනිවාර්ය නිරෝධායනයක් සහ එන්නත් නොකළ අය සඳහා දින හතක නිරෝධායනයක් අවශ්‍ය බවට නිවේදනය කර තිබේ.

ඊශ්‍රායලයේ ෂින් බෙට් ආරක්ෂක ඒජන්සිය විසින් නව ප්‍රබේදය යටතේ තහවුරු කරන ලද කොවිඩ් වෛරස් රෝගීන් නිරීක්ෂණය කිරීමට ද කැබිනට් මණ්ඩලය අවසර දී ඇත.

කොවිඩ් ආරම්භයේ සිට ඊශ්‍රායලය විසින් කෝවිඩ් ආසාදිතයින් මිලියන 1.3 කට වඩා තහවුරු කර ඇති අතර මරණ 8,100 ක් වාර්තා කර තිබේ. යුරෝපීය සහ අප්‍රිකානු රටවල් රැසක සංචාරකයින් සඳහා ස්විට්සර්ලන්තය සිය රටේ නිරෝධායන අවශ්‍යතා දැඩි කර තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් දකුණු අප්‍රිකාවට ප්‍රශංසා කළේ ක්ෂණිකව මෙම නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව තොරතුරු ලෝකය සමඟ බෙදා ගැනීම ගැන ය.

ඕස්ට්‍රේලියාව පැවසුවේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා, ලෙසෝතෝ, එස්වාටිනි, සීෂෙල්ස්, මලාවි සහ මොසැම්බික් සිට දින 14කට ගුවන් ගමන් අත්හිටුවන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි