×

උතුරු අයර්ලන්තයේ කොවිඩ් ඉහළට

කොරොනා ආසාදිතයින් සම්ප්‍රේෂණ අනුපාතය අඩු නොවන්නේ නම් නත්තල් සමයේදී ව්‍යාපාර වසා දැමීමට සිදුවනු ඇතැයි උතුරු අයර්ලන්තයේ අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා තිබේ.


කොවිඩ්-19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා නිවසේ සිට වැඩ කරන ලෙස උතුරු අයර්ලන්තයේ ජනතාවගෙන් ස්ටෝමොන්ට් ඇමතිවරු ඉල්ලා සිටිති. ස්ටෝමොන්ට් යනු එරට ව්‍යවස්ථාදායක ආයතනයයි. වත්මන් උපදෙස් අනුව සඳහන් කර සිටින්නේ මිනිසුන්ට තමන්ට හැකි තැන්වල ,නිවසේ සිට වැඩ කළ යුතු බවයි. ඉහළ යන කොවිඩ් ආසාදනවලට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ විධායක රැස්වීමකින් පසුව මේ ඉල්ලිම සිදු කර තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින්, ඉල්ලා සිටින්නේ තම සමාජ සම්බන්ධතා සීමා කරන ලෙසත් ගෘහස්ථ ජිවිතය තුලත් මුහුණු ආවරණ පැළඳ සිටින ලෙසත් ය. උතුරු අයර්ලන්තයේ ආසාදන අනුපාතය පසුගිය සතියක කාලය තුළ ඉහළ යමින් පවතී. එය එක්සත් රාජධානියේ ඉහළම අගය ගෙන ඇත. වේල්සයට වඩා වැඩි වේගයකින් උතුරු අයර්ලන්තයේ ආසාදන අනුපාතය ඉහළ ගොස් ඇත.

එංගලන්තයේ, පසුගිය ජූලි 19 වන දින Covid සීමාවන් ඉවත් කළ දා සිට, තවදුරටත් නිවසේ සිට වැඩ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් කර නොමැති වූවත්, සිය කාර්ය මණ්ඩලයට සහ ගනුදෙනුකරුවන්ට ඇති අවදානම් කළමනාකරණය කිරීමට පුද්ගලික අංශයන්ට වගකීම පවරා තිබේ. බොහෝ Covid සීමා කිරීම් වේල්සයේ ද ඉවත් කර ඇති නමුත් හැකි සෑම විටම මිනිසුන්ට නිවසේ සිට වැඩ කිරීමට ඉඩ දෙන ලෙස සේවකයන් දිරි ගන්වයි.

ස්කොට්ලන්තයේ, බොහෝ කොවිඩ් සීමාවන් ඉවත් කර ඇත, නමුත් හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට උපදෙස් ලබා දි තිබේ. කොරොනා ආසාදිතයින් සම්ප්‍රේෂණ අනුපාතය අඩු නොවන්නේ නම් නත්තල් සමයේදී ව්‍යාපාර වසා දැමීමට සිදුවනු ඇතැයි උතුරු අයර්ලන්තයේ අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි