×

උතුරු කොරියානු නායකයා කෝමා තත්වයේ – සියලු පාලන බලතල සහෝදරියට

මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන කිම් ජොං උන් උතුරු කොරියානු නායකත්වයට පත් වූයේ 2011 වසරේදීය. ඒ සිය පියා වන කිම් ජොං ඉල්‍ගේ අභාවයෙන් පසුවයි.


උතුරු කොරියානු නායක කිම් ජොං උන් මේ වනවිට බරපතල අසාධ්‍ය තත්වයේ පසුවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔහු මේ වනවිට කෝමා තත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

උතුරු කොරියානු නායකයා ‍අසාධ්‍ය තත්වයට පත්වීම හේතුවෙන් රටේ සියලු පාලන බලතල ඔහුගේ සහෝදරිය වන කිම් යෝ ජොං වෙත පවරා ඇති බවයි දකුණු කොරියානු රජ‍යේ බලධාරීන් පවසන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේදීද උතුරු කොරියානු නායකයා හදිසියේ රෝගාතුර වූ අතර ඔහු මියගොස් ඇති බවටද ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. සති තුනක පමණ කාලයක් ඔහු අතුරුදන්ව සිටින අතර එම කාලය තුළදී ඔහුට හදවත් සැත්කමක සිදුකර ඇති බවටද වාර්තා විය.

කෙසේ වෙතත් සති තුනකට පමණ පසුව මැයි මාසයේදී ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

මේ අතර ඇතැම් මාධ්‍ය පවසන්නේ උතුරු කොරියානු නායකයා පසුගිය අප්‍රේල් මාසයේ සිටම කෝමා තත්වයේ පසුවන බවයි. මැයි මාසයේදී ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටීම එරට බළධා‍රීන් විසින් ව්‍යාජ ලෙස සකස් කළ ක්‍රියාවක් බවයි.

මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන කිම් ජොං උන් උතුරු කොරියානු නායකත්වයට පත් වූයේ 2011 වසරේදීය. ඒ සිය පියා වන කිම් ජොං ඉල්‍ගේ අභාවයෙන් පසුවයි.

UN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි