×

උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් ජපාන මුහුදට එල්ල කරයි – ඇමරිකාවට කළ අනතුරු ඇඟවීමක්ද?

උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල දෙකක් ජපාන මුහුදට එල්ල කර තිබේ.


ඇමරිකාව සහ ජපානය යන දෙරට විසින්ම එය ප්‍රකාශ කර තිබෙන අතර ඇමරිකානු නව ජනාධිපති ජෝ බයිඩන් ධූරයේ දිවුරුම් දීමෙන් පසු උතුරු කොරියාව කළ පළමු අවි අත්හදා බැලීමද මෙය ලෙසයි දැක්වෙන්නේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා අනුව තර්ජනාත්මක ආයුධයක් ලෙස ගැනෙන මෙම බැලස්ටික් මිසයිල අත්හදා බැලීම තහනම් කර තිබෙන පසුබිමක උතුරු කොරියාව මෙය සිදුකිරීම විශේෂ සැලකිල්ලකට ගත යුතු බව ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දී ඇත.

උතුරු කොරියාවේ මෙම අත්තනෝමතික ක්‍රියාව ජපානය සහ දකුණු කොරියාව හෙළා දැක තිබේ.

ආසියා-පැසිෆික් කලාපයේ හමුදා බලකායන් අධීක්ෂණය කරන එක්සත් ජනපද පැසිෆික් අණදෙන නිලධාරියා මෙම ක්‍රියාව සම්බන්ධයෙන් කයා තිබුණේ උතුරු කොරියාවේ නීති විරෝධී ආයුධ වැඩසටහන අසල්වැසියන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ඇති තර්ජනය” පෙන්වා දී ඇති බවයි.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි