×

උද්ධමනය සහ දේශගුණික අර්බුදයට එරෙහිව පැරීසියේ දැවැන්ත විරෝධතාවක්

පෙළපාලිකරුවන් මෙය හඳුන්වා ඇතිතේ එය ඉහළ යන මිල ගණන්වලට එරෙහිව කෝපය ප්‍රදර්ශනය කිරීම සහ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ආන්ඩුවට එල්ල කරන පීඩනය දැඩි කිරීමක් වශයෙනි.


ඉහළ යන ජීවන වියදම සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව මෙන්ම ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවට එරෙහිව පැරීසියේ 140,000ක පිරිසකගේ දායකත්වයෙන් පාගමනක් පැවැත්වූ බවට වාර්තා වේ.


පෙලපාලිය වාමාංශික දේශපාලන පක්ෂයේ ප්‍රධානියා වන ජීන්-ලූක් මෙලෙන්චොන් විසින් මෙහෙයවා තිබේ.


පෙළපාලිකරුවන් මෙය හඳුන්වා ඇතිතේ එය ඉහළ යන මිල ගණන්වලට එරෙහිව කෝපය ප්‍රදර්ශනය කිරීම සහ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ආන්ඩුවට එල්ල කරන පීඩනය දැඩි කිරීමක් වශයෙනි.

විරෝධතාකරුවන් දේශගුණික අර්බුදයට එරෙහිව දැවැන්ත ආයෝජනයක් ඉල්ලා සිටි අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් ඉහළ යාටම සාපේක්ෂව හදිසි පියවර ගන්නා ලෙස ද ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි