×

එක්සත් රාජධානියේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවයි.

පසුගිය 50 වසරට සාපේක්ෂව එක්සත් රාජධානිය විසින් කරන ලද බදු කප්පාදුව හේතුවෙන් පවුම ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස පහත වැටී ඇත.  නව මුදල් අමාත්‍ය චාන්සලර් ක්වාසි ක්වාර්ටෙන්ග් පවුම් බිලියන 45ක නව පැකේජයක් සහිත බදු කපා හැරීම සහ රජයේ ණය ගැනීම් තියුනු ලෙස වැඩි කිරීම අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද අයවැයක සම්බන්ධයෙන්  IMF බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ සැලකිය යුතු […]


පසුගිය 50 වසරට සාපේක්ෂව එක්සත් රාජධානිය විසින් කරන ලද බදු කප්පාදුව හේතුවෙන් පවුම ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස පහත වැටී ඇත. 

නව මුදල් අමාත්‍ය චාන්සලර් ක්වාසි ක්වාර්ටෙන්ග් පවුම් බිලියන 45ක නව පැකේජයක් සහිත බදු කපා හැරීම සහ රජයේ ණය ගැනීම් තියුනු ලෙස වැඩි කිරීම අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද අයවැයක සම්බන්ධයෙන්  IMF බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ සැලකිය යුතු බදු කප්පාදුවක් වෙනුවට පවුල් සහ ව්‍යාපාරවලට වඩා ඉලක්කගත සහය ලබා දීම ගැන සලකා බලන ලෙසයි.

 
මේ සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥයින් අනාවැකි පළ කරන්නේ, පවුමේ පහත වැටීම වැළැක්වීමට සහ ඉහළ උද්ධමනය සමනය කිරීමට, පොලී  අනුපාත ඉහළ නැංවීම සඳහා එංගලන්ත බැංකුව මේ සතියේ ඉක්මනින් හදිසි රැස්වීමක් කැඳවනු ඇති බවයි. එසේ නම්, බැංකුව 2.25% දක්වා සියයට භාගයකින් පොලී අනුපාත ඉහළ නැංවිය  යුතු බව කියැවේ. මේ සම්බන්ධයෙන් වෙළඳපල නිරීක්ෂකයින් අනාවැකි පල කරන්නේ ලබන වසන්තය වන විට පොලී අනුපාත 5.5% හෝ ඊටත් වඩා ඉහළ මට්ටමකට ළඟා වනු ඇති බවයි.

ඩොලරයට සාපේක්ෂව පවුම අඩු මට්ටමක පවතී නම්, තෙල් සහ ගෑස් ඇතුළු ඩොලර් වලින් මිල කරන භාණ්ඩ ආනයනය කිරීම වඩා මිල අධික වනු ඇත. ඊට සාපේක්ෂව අනෙකුත් ආනයනික භාණ්ඩ ද සැලකිය යුතු ලෙස මිල අධික විය හැකි අතර, දශක ගනනාවක් තිස්සේ පවතින  උද්ධමනය තවදුරටත් ඉහල යනු ඇත.

මෙම තත්වය  සමීපව නිරීක්ෂණය කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් “විශාල සහ ඉලක්ක නොකළ මූල්‍ය පැකේජ” එක්සත් රාජධානියේ අසමානතාවය වැඩිකිරීම හරහා මූල්‍ය ප්‍රතිපත්තියට වල කැපීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා තිබේ. ඒ අනුව එක්සත් රාජධානියේ මූල්‍ය ඉලක්ක වෙළඳපල අවුල් කරන බවට ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි. 

1976 ද පැවැති  මූල්‍ය අර්බුදය අතරතුර එක්සත් රාජධානියට ඩොලර් බිලියන 4කට ආසන්න IMF ණයක් සඳහා ඉල්ලුම් කිරීමට සිදු වූ අතර, එයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ රජයේ වියදම් කප්පාදු කිරීම, බදු සහන ලබා දීමයි. මේ වන විට පවතින උද්ධමනය පාලනය කර ගැනීම සඳහා මහ බැංකුකරුවන් ලොව පුරා පොලී අනුපාත ඉහළ නංවන බැවින් මූල්‍ය හා මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳව සැළකිලිමත් භාවය වැඩි කරන ලෙස IMF නිලධාරීන් මෑත මාසවල නැවත නැවතත් අනතුරු අඟවා ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි