×

ඔක්සිජන් නොමැතිකමෙන් දිල්ලියේ ජායිපුර් රෝහලේ 25ක් මරුට

ඔක්සිජන් හිඟය හේතුවෙන් ඊයේ රාත්‍රියේ දිල්ලියේ ප්‍රධාන රෝහලක් වන ජායිපූර් ගෝල්ඩන් රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් 25 දනෙකු මිය ගොස් තිබේ.


රජය විසින් ඔක්සිජන් මෙට්‍රික් ටොන් 3.5 ලබා දීමට නියමිතව තිබී ඇති අතර එය සවස 05.00 වන විට ලැබිය යුතු වුවත් එම ඔක්සිජන් තොගය රෝහලට ලැබෙන විට මධ්‍යම රාත්‍රිය වී තිබීම හේතුවෙන් එලෙස රෝගීන් මිය ගොස් ඇති බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.කේ. බලුජා මහතා සඳහන් කර ඇත්තේ.

අවම වශයෙන් රෝහලට ඇතුළත් කර ඇති කෝවිඩ් රෝගීන් 215 දෙනෙකු බරපතල හා ඔක්සිජන් අවශ්‍යතාවයෙන් පෙළෙන බව බලුජා මහතා කියා ඇත.

මීට පෙර මූල්චන්ද් රෝහලද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි,මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් සහ ආණ්ඩුකාර අනිල් බයිජල් යන අයගෙන් හදිසි උපකාර ඉල්ලා තිබුණේ කෝවිඩ් රෝගීන් 130 කට වැඩි සංඛ්‍යාවක් ජීවිතය බලාපොරොත්තුවෙන් පසුවන හෙයින් එම ජීවිත බේරා ගැනීමට සහය දෙන ලෙසයි.

කෙසේවෙතත් මේ වන විට ඉන්දියාවේ මහජන සෞඛ්‍ය බරපතල ලෙස අර්බුදයට යමින් තිබෙන අතර අගමැති මෝදී ඇතුළු රජයට බලවත් අප්‍රසාදය එල්ලවෙමින් ඇත්තේ රජය මෙම අවදානම නිසි ලෙස සන්නිවේදනය නොකළ බව පවසමිනි.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි