×

ඔත්තු බැලීමේ මෘදුකාංග භාවිතය පිලිබඳ ඉන්දිය අධිකරණය සිරුවෙන්

පසුගිය බදාදා, ඉන්දියාවේ අගවිනිසුරු එන්වී රාමනා කියා සිටියේ, ඉන්දීය වෙබ් අඩවියක් වන බාර් ඇන්ඩ් බෙන්ච්ට අනුව, "අසත්‍යය විමර්ශනය කිරීම සහ සත්‍යය සොයා ගැනීම" සඳහා අධිකරණය එහි අධීක්ෂණය යටතේ කමිටුවක් පත් කරන බවයි.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, සමාජ ක්‍රියාකාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ දුරකතන වලට හොර රහසින් ඇතුළුවීම හා සවන්දීම සඳහා ඉන්දිය රජය විසින් මිලදී ගත් ඔත්තු බැලීමේ මෘදුකාංග භාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා එරට අධිකරණය ස්වාධීන මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කර ඇත.ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දීමට කටයුතු කර ඇත්තේ නීතිවිරෝධි නිරීක්ෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමෙන් පසුවයි.

ඊශ්‍රායල නිරීක්ෂණ සමාගමක් වන NSO හි දත්ත පද්ධතියක ගබඩා කර තැබූ දුරකථන අංක ලැයිස්තුවක් පසුගිය ජුලි මාසයේ දී ප්‍රධාන පෙළේ මාධ්‍ය මඟින් අනාවරණය කරනු ලැබීමත් සමඟ එයට විශාල අවධානයක් යොමු වනු අතර කීර්තිමත් පුද්ගලයින්ගේ දුරකථනවලට අනවසරයෙන් පිවිසීම පිළිබඳ චෝදනා එල්ල වි ඇත.මෙම ලැයිස්තුව පසුගිය ජූලි 18 වන දින ප්‍රධාන අදාල ප්‍රවෘත්ති ආයතන ලැබි තිබිණි.Pegasus නැමති මෘදුකාංගය ඔස්සේ විමර්ශනය කළ ජ්‍යාත්‍යන්තර මාධ්‍ය ආයතන 16 අතරට ඉන්දියාවේ The Indian Express පුවත්පත සහ The Wire වෙබ් අඩවිය ද ඇතුළත්ව තිබේ.

එම චෝදනා විමර්ශනය කිරීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට අධිකරණය සති අටක කාලයක් ලබාදී තිබේ.පසුගිය බදාදා, ඉන්දියාවේ අගවිනිසුරු එන්වී රාමනා කියා සිටියේ, ඉන්දීය වෙබ් අඩවියක් වන බාර් ඇන්ඩ් බෙන්ච්ට අනුව, “අසත්‍යය විමර්ශනය කිරීම සහ සත්‍යය සොයා ගැනීම” සඳහා අධිකරණය එහි අධීක්ෂණය යටතේ කමිටුවක් පත් කරන බවයි.මෙම ඔත්තු මෘදුකාංග මගින් ඉලක්ක කර ඇතැයි වාර්තා වූ සමාජ මාධ්‍ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්, ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩ බලන විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පරීක්ෂණයක් සමඟ රජයෙන් පිළිතුරු ඉල්ලා පෙත්සම් ගොනු කළහ.කෙසේ වෙතත් මෙම සමාගම මෙකිචෝදනා ප්‍රතික්ෂේප කරන අතර මෙම මෘදුකාංගය ජාතික ආරක්ෂාව සඳහා නිර්මාණය කර ඇති බවත් සඳහන් කර ඇත.

බි බි සි වෙතින්

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි