×

” ඔබ දන්නවාද ඉතියෝපියාවේ බොහෝ ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට යට ඇඳුම් පවා නැති විත්තිය. ඒ වුනාට මේකට කියන්නෙ 21 වැනි සියවස ! – CNN වසරේ වීරවරිය ෆීවීනී මෙබිරාහු

ජාත්‍යන්තර CNN පුවත් ජාලය සෑම වසරකම ලෝකය වඩා හොද තැනක් කිරීමට වෙහෙස ගත් මිනිසුන් වෙනුවෙන් සමිමාන සහ මුදල් ත්‍යාගයන් පිරිනමයි.


තෝරාගත් තැනත්තාට හිමිවන මුදල ඇමෙරිකානු ඩොලර් ලක්ෂයකි. ඔවුන් 2019 වසරේ තෝරාගෙන ඇත්තේ වීරයෙකු නොව වීරවරියකි. ඇය ඉතියෝපියාවෙි ෆීවීනී මෙබිරාහුය.

ඇයට CNNමාධ්‍ය ජාලය ‘වසරේ වීරයා ‘තෑග්ග පිරිනමන්නේ ඉතියෝපියානු ස්ත්‍රියට කළ සේවයටත් ඇය පිළිබදව ඉතියෝපියාවෙි පැවති ශිෂ්ට නොවන එක් දුර්දාන්ත මතයක් බැහැර කිරීමට ගත් අනගි උත්සාහයත් නිමිත්තෙනි.

ඉතියෝපියාවෙි බොහෝ පාසැල් දැරිවියන් සිය ඔසප් සමයේ පාසැල් යන්නේ නැත. පළමු කාරණය ඔවුන්ට සනීපාරක්ෂක තුවායක් මිලට ගැනීමෙි හැකියාව අහිමිය. දෙවැන්න ඔසප්වූ ළමයෙක් ඒ කාල සීමාව තුළ සමාඡය සමග ගනුදෙනු නොකළ යුතුයැයි පවතින ඊනියා මතයය.

ගැහැණු දරුවෙක් සිය ඔසප් කාල සීමාව තුළ පාසැල් නොයාම බටහිර රටවල ගැහැනු ළමයින්ට සහ තරුණියන්ට සිතාගත නොහැකි දෙයකි. එහෙත් ඉතියෝපියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ගැහැනු ළමයින්ගෙන් අඩක් පමණ ඔවුන්ගේ ඒ කාල වකවානුවෙිදී හා සම්බන්ධ පාසල් ගමන අතපසු කරයි. එකී අතපසු කිරීම ඔවුන්ගේ අධ්‍යාපනයට හා ඔවුන්ගේ ජීවිත කාලය පුරාම විනාශකාරී බලපෑමක් ඇති කළ හැකිය. එබැවින් ඉතියෝපියාවේ ජීවත්වූ මෙබිරාහු එක්සත් ජනපදයට ගොස් රසායනික ඉංජිනේරු විද්‍යාව හදාරා ඉතියෝපියාවට පැමිණ 2005 දී නැවත භාවිතා කළ හැකි ඔසප් පෑඩ් නිර්මාණය කර පේටන්ට් බලපත්‍රය ලබා ගත්තාය.

ඇය සිය කර්මාන්ත ශාලාව නම් කළේ තම දියණියගේ නමිනි. ඇයගේ කණ්ඩායම වසරකට නැවත භාවිතා කළ හැකි පෑඩ් 750,000 ක් ඇගේ කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කරයි.

[embedyt] https://www.youtube.com/watch?v=YaVcW8mLCug[/embedyt]

මෙබිරාහුගේ නැවත භාවිතයට ගත හැකී මෙි සනීපාරක්ෂක තුවා වසර දෙකක් භාවිතයට ගත හැකිය. ඒවා සෞඛ්‍යරාක්ෂිතය. වරක් පාවිචිචි කර ඉවතලන තුවායක මිලට වඩා 90% මිල අඩුය. ඇය නිෂ්පාදනය කරන පෑඩ් වලින් 80% කට වඩා නොමිලේ බෙදා හරින රාජ්‍ය නොවන සංවිධානවලට විකුණනු ලැබේ. ඇය ඒවා නිෂ්පාදනය කර බෙදාහරිනවා පමණක් නොව ඉතියෝපියාව පුරා පාසැල්වලට ගොස් මෙය ලැජ්ජා විය යුතු දෙයක් නොවන බවත් එය එක් අත්‍යවශ්‍ය ජීවවිද්‍යාත්මක මිනිස් ක්‍රියාවලියක් බවත් ශිෂ්‍යාවන්ට පමණක් නොවෙි ශිෂ්‍යන්ටද පැහැදිලි කරයි. ඇගේ මෙි දැනුවත් කිරීමෙි සටනට ඉතියෝපියානු විශ්වවිද්‍යාලීය දරුවෝද එකතුව සිටිත්. මෙබිරාහුගේ මෙි අනගි මෙහෙය නිසා ඇය සංචාරය කළ පාසැල්වල ගැහැනු ළමයින්ගේ පැමිණීම 24% කින් ඉහළ ගොස් ඇත.

දැන් අප ඔබ ඉදිරියේ තබන්නේ CNN පුවත් සේවය හා ඇය අතර වූ කෙටි කතාබහකි.

CNN: ඔබේ කර්මාන්ත ශාලාව පෑඩ් පමණක් නිෂ්පාදනය කරන්නේ නැහැ ?

”පෑඩ් සමඟ අපි යට ඇඳුම්ද සාදන්නෙමු. ඉතියෝපියාවේ බොහෝ ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට යට ඇඳුම් පවා නැත. මෙය 21 වන සියවසයි! ඔවුන්ට ඔවුන්ගේ ජීවිත සමඟ ඉදිරියට යා නොහැක. අපි ඔවුන් වෙනුවෙන් සාදන වාරික කට්ටලය පෑඩ් හතරක් සහ යට ඇඳුම් යුගල දෙකකි. ගැහැනු ළමයෙකුට අවුරුදු දෙකකට ආසන්න කාලයක් පාසැලේ, කරදරයකින් තොරව රැඳී සිටීමට එය හේතු වේ. අපි ඒවා විකුණන්නේ ඩොලර් 4.10 කටය. ඒ කියන්නේ ඩොලර් 4 ට ගැහැණු ළමයෙකුගේ ජීවිතය වෙනස් කළ හැකිය.”

CNN: “ඔසප් සමානාත්මතාවය” පිළිබඳ මෙම අදහස ඉතියෝපියාවෙි පසුගිය වසර කිහිපය තුළ වැඩි අවධානයක් දිනාගෙන තිබේ. ඔබ ආරම්භ කරන විට එය මොන වගේද?

” මම 2005 දී මෙය ආරම්භ කරන විට කිසිවෙකු මේ ගැන කතා කළේ නැත. එය ඇත්තටම අරගලයක් විය. කිසිවෙකු එය මිලදී ගනු ඇතැයි ඔවුන් නොසිතූ හෙයින් ව්‍යාපෘතිය සඳහා මුදල් ලබා ගැනීමට මට වසර දෙකක් ගත විය. මෙය මූලික අවශ්‍යතාවයක් බව ඔවුන්ට ඒත්තු ගැන්වීමට මට සිදුවිය. එය පහසු නැත, නමුත් මම සිතුවෙමි, යමෙකු මෙය කළ යුතුය. මම එය නොකරන්නේ නම්, කිසිවෙකුත් එය නොකරනු ඇත.”

– උපාලි ජයසිංහ

[embedyt] https://www.youtube.com/watch?v=EyhrJiaP2nM[/embedyt]

Cover Photo: Zimbio.com



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි