×

ඔස්කාර් සම්මාන වෙන්දේසියක්

1947 වසරේ හොඳම චිත්‍රපටය සඳහා ඔස්කා සම්මාන ලාභී Gentleman's Agreement චිත්‍රපටය දිනාගත් සම්මානය ඩොලර් 492000කට වෙන්දේසි විය‍


ඉතා කලාතුරකින් දැකිය හැකි ‍ඔස්කාර් සම්මාන වෙන්දේසියන් නෙබොදා ලොස් ඇන්ජලිස් නගරයේදී පැත්විණි. සම්මාන යන්න දිනා ගැනීමට මිස මිලදී ගැනීමට සුදුසු නොවුණත් මෙවර වෙන්දේසි වූ ඔස්කා සම්මාන මිලදී ගැනීම සඳහා බෙහෝ පිරිසක් පෙළ ගැසී සිටියහ.


මෙහි ඉතා ඉහළින්ම වෙන්දේසි වූ සම්මානය වූයේ 1947 වසරේ හොඳම චිත්‍රපටය සඳහා ඔස්කා සම්මාන ලාභී Gentleman’s Agreement චිත්‍රපටය දිනාගත් සම්මානය ඩොලර් 492000කට වෙන්දේසි කිරිමයි. 1935 වසරේ හොඳම ඔස්කාර් චිත්‍රපටය වූ “Mutiny on the Bounty” ට අයත් සම්මානය වෙන්දේසි කරනු ලැබෙුවේ ඇමරිකානු ඩොලර් 240000කටයි.


20th Century Fox/Photofest
‘Gentleman’s Agreement’


දින හතරක් තිස්සේ පැවති මෙම ඔස්කාර් සම්මාන වෙන්දේසිය මගින් සංවි‍ධායකයින් උපයා ගත් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 8කට වඩා වැඩි බව ඔවුන් පවසයි.
සම්මාන වලට අමතරව සුප්‍රසිද්ධ චිත්‍රපට වලදී භාවිත කළ විවිධ උපාංගයන් මෙන්ම භාණ්ඩද වෙන්දේසි කරනු ලැබීය. ස්ටාර් වොර්ස් මුල්ම චිත්‍රපටයේදී භාවිත කළ සටන් සදහා යොදා ගන්නා හෙල්මටයක් ඩොලර් 240000කට අලෙවි කෙරිණී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි