×

ඔස්ට්‍රේලියානු “work for the dole“ අභියෝගයට

CDP ප්‍රතිලාභ භාවිතා කරන අයගෙන් 80% කට වැඩි ප්‍රමාණයක් ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් විය.බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රජා කණ්ඩායම් 10 කට අදාල පුද්ගලයන් 680 ක් නියෝජනය කරන කණ්ඩායමක් එරට රජයට එරෙහිව නඩු පවරමින්, සහන යෝජනා ක්‍රමය අභියෝගයට ලක් කරමින් ඕස්ට්‍රේලියානු නීති කඩ කරන බවට තර්ක කරන්නට වූහ.ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් උසාවිය විසින් මෙම වැඩසටහනේ කොන්දේසි හේතුවෙන් අදාල පුද්ගලයන්ට සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 1,800ක් පමණ අහිමි වී ඇති බව තහවුරු කලේය.


සුබසාධන යෝජනා ක්‍රමයක් වර්ගවාදී යැයි පැවසූ සිය ගණනක වන ආදිවාසී ජනතාවට ඔස්ට්‍රේලියානු රජය විසින් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2ක් වන්දි වශයෙන් ගෙවා තිබේ. “work for the dole“ යෝජනා ක්‍රමයට ආදායම් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා දුර බැහැර ප්‍රජාවන්හි පුද්ගලයින්ට සතියකට පැය 25ක් දක්වා වැඩ කිරීමට අවශ්‍ය විය.නමුත් එහි ක්‍රම පටිපාටිය නිසා පුද්ගලයින් තවදුරටත් දරිද්‍රතාවයට තල්ලු වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

මෙම ගෙවීම් කපා හැරීමෙන් පසු බොහෝ දෙනෙකු ජීවත් වීමට අරගල කරන්නට වූහ.මෙකී සුබසාධන පහසුකම් ලබා ගැනීමටනම් රැකියා සෙවීම් සහ කවර හෝ වෘතියක් සිදු කරන බවට වාර්තා කිරීමට අවශ්‍ය වේ.නමුත් එරට නීතිවේදීන් පවසන්නේ මෙම කොන්දේසිය ඕස්ට්‍රේලියාවේ දුප්පත්ම සහ හුදකලා වූ ප්‍රජාවන් කිහිපයක ජීවත් වන ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධියේ වැසියන්ට අවාසිදායක ආර්ථික තත්වයක් බවයි.

එහි පදිංචිකරුවන්ට දුරකථන, අන්තර්ජාල සහ ප්‍රවාහන සේවා සඳහා ඇත්තේ සීමිත ඉඩකඩකි.එම කලාපයේ බොහෝ දෙනෙක් අමතර භාෂා, සංස්කෘතික, අධ්‍යාපනික සහ සෞඛ්‍ය බාධකවලට මුහුණ දෙයි.2015 දීඑරට හඳුන්වා දුන් ප්‍රජා සංවර්ධන වැඩසටහන (Community Development Programme-CDP)ජාතිවාදී බව එවකට විචාරකයෝ තර්ක කළහ.

CDP ප්‍රතිලාභ භාවිතා කරන අයගෙන් 80% කට වැඩි ප්‍රමාණයක් ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් විය.බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රජා කණ්ඩායම් 10 කට අදාල පුද්ගලයන් 680 ක් නියෝජනය කරන කණ්ඩායමක් එරට රජයට එරෙහිව නඩු පවරමින්, සහන යෝජනා ක්‍රමය අභියෝගයට ලක් කරමින් ඕස්ට්‍රේලියානු නීති කඩ කරන බවට තර්ක කරන්නට වූහ.ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් උසාවිය විසින් මෙම වැඩසටහනේ කොන්දේසි හේතුවෙන් අදාල පුද්ගලයන්ට සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 1,800ක් පමණ අහිමි වී ඇති බව තහවුරු කලේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි