×

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් තවදුරටත් කොවිඩ් 19 ඩෙල්ටා ආසාදිතයින් හමුවෙයි – සිඩ්නි නුවරට ඩෙල්ටා ව්‍යාප්තියේ රතු එළි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයෙන් තවත් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් විසි දෙදෙනෙකු හමුවී තිබේ.


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටා ඇති සිඩ්නි නගරය සති දෙකක කාලයක් සඳහා පසුගියදා වසා දැමුණේ නගරය තුළින් මීට පෙර ආසාදිතයින් 128ක් හමුවීමෙන් පසුවයි.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සිඩ්නි නගරයට අමතරව පර්ත්, බ්‍රිස්බේන් ඇතුලු තවත් නගර රැසක් ඊයේ (29) දිනයේදී වසා දැමුණි.

මේ වන වට සිඩ්නි නගරයෙන් පමණක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් 180 කට ආසන්න සංඛ්‍යාවක් හමුවී තිබෙන අතර නගරය වසා දැමීම හේතුවෙන්   මිලියන 05ක පමණ ජනතාවට නිවෙස් වෙත සීමාවීමට සිදුව ඇත.

මේ අතර එරට උතුරු ප්‍රදේශය, ක්වීන්ස්ලන්තය සහ බටහිර ඕස්ට්‍රේලියාව යන ප්‍රදේශවලද එම ආසාදිතයින් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

මාස ගණනාවකට පසුවයි රටේ විවිධ ප්‍රදේශවල එකවර මෙලෙස නව ප්‍රභේදයේ ආසාදිතයින් හමුව ඇත්තේ.

ඒ අනුව කොවිඩ් ව්‍යාප්තිය පාලනයේදී ඔස්ට්‍රේලියාව නව අවධිකට පිවිස තිබෙන බවද එරට බලධාරීන් පෙන්වාදී තිබේ.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි