×

කංසා නීතිගත කිරීමට බයිඩන් සැරසේ.

අපරාධ යුක්තිය පිළිබඳ ප්‍රතිසංස්කරණ කණ්ඩායම් විසින් මෙම නියෝගය අගය කර ඇති අතර ඔවුන් ප්‍රකාශකර තිබුණේ ජනාධිපතිවරයාගේ මෙම තීරණය දහස් ගණනකගේ ජීවිත වෙනස් කරන බවයි.


එක්සත් ජනපදයේ ෆෙඩරල් නීති යටතේ කංසා සන්තකයේ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ තුළද කළු ජාතිකයන්ට නීති බලපාන්නේ සුදු ජාතිකයන්ට සාපේක්ෂව වෙනස් ආකාරයෙනි.

ඊයේ (06)දිනයේ දී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ෆෙඩරල් නීති යටතේ මරිජුවානා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ දහස් ගණනකට සමාව දෙන බව ප්‍රකාශ කර ඇත. මෙහිදී බයිඩන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ කංසා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ෆෙඩරල් වරදකරුවන් වූ දහස් ගණනක් මිනිසුන් සිටින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුනට රැකියා, නිවාස හෝ අධ්‍යාපන අවස්ථා මේ වන විට අහිමිව ඇති හෙයින් ගංජා භාවිතා කිරීම හෝ ළඟ තබා ගැනීම සඳහා කිසිවෙකු සිරගත නොවිය යුතු බවයි.


මෙහිදී බයිඩන් එක්සත් ජනපද ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලා සිටියේ රාජ්‍ය මට්ටමේ වැරදිවලට ​​සමාව දීමට සමාන ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. අපරාධ යුක්තිය පිළිබඳ ප්‍රතිසංස්කරණ කණ්ඩායම් විසින් මෙම නියෝගය අගය කර ඇති අතර ඔවුන් ප්‍රකාශකර තිබුණේ ජනාධිපතිවරයාගේ මෙම තීරණය දහස් ගණනකගේ ජීවිත වෙනස් කරන බවයි.


මේ අනුව ඊයේ (06) දිනයේ දී ෆෙඩරල් මට්ටමින් කංසා නීතිගත කිරීම සඳහා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් පියවර ගෙන තිබේ. මේ වන විට එක්සත් ජනපදයේ ගුවාම් සහ උතුරු මරියානා දූපත් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කය වන වොෂින්ටන්හි නීත්‍යානුකූල මරිජුවානා බෙහෙත් ශාලා සහ වගා සේවා මේ වන විට විශාල ව්‍යාපාරයක් බවට පත්ව ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි