×

කසාක්ස්ථාන ගුවන් යානාවක් කඩා වැටී ගොඩනැගිල්ලක වැදෙයි – 9 ක් මරුට

කසාක්ස්ථානයේ Bek Air ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් ගුවන් ගත කර සුළු වේලාවකින් කඩා වැටී ගොඩනැගිල්ලක වැදී ඇත.


විදෙස් වාර්තා පවසන්නේ ගුවන් යානය ගුවන් ගත කිරීමෙන් සුළු වේලාවකට පසු එය කඩා වැටෙන්නට පටන් ගත් බවයි.

අනතුරුව එය තට්ටු දෙකේ ගොඩනැගිල්ලක ද වැදී බිම පතිතව ඇත.

මෙම අවස්ථාවේදී මගීන් 95 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙක් යානයේ සිටි අතර, එයින් අවම වශයෙන් 9 දෙනෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය ගිය සංඛ්‍යාව තවමත් නිශ්චිත නැති බවද ඇතැම් වාර්තාවල දැක්වේ.

යානය ගමන් ගනිමින් සිටියේ කසාක්ස්ථානයේ විශාලම නගරය වන ඇල්මාටි හි සිට අගනුවර වන නූර් සුල්තාන් දක්වා ය.

රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ අධික මීදුම් සහිත කාලගුණයක් යටතේ මෙම ගුවන් අනතුර වාර්තා වූ බවයි.

මෙයට මාසයකට පෙරද කසාක්ස්ථානයෙන් ගුවන් අනතුරක් වාර්තා විය. ජ්‍යේෂ්ඨ කසාක් ආරක්ෂක නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 27 දෙනෙක් මරුමුවට පත් කරමින් හමුදා ගුවන් යානාවක් කඩා වැටීම සිදු විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි