×

කාබුල්හි මුස්ලිම් පල්ලියක පිපිරීමකින් 21 දෙනෙකු මරුට

ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු මේ වන තෙක් වගකීම බාරගෙන නොමැත.


ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි මුස්ලිම් පල්ලියක දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 21 දෙනෙකු මියගියගොස් දරුවන්ද ඇතුළුව 35 දෙනෙකු තුවාල ලබා ඇති බව කාබුල්හි පොලීස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කර තිබේ.
ෂෙල් වෙඩි හේතුවෙන් වන පිළිස්සුම් නිසා තුවාල කරුවන්ගේද තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

බදාදා යාඥා අතරතුර මෙම පිපිරීම සිදුව ඇති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු මේ වන තෙක් වගකීම බාරගෙන නොමැත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි