×

කෙන්ටකි ප්‍රාන්තයට ටොනේඩෝවක්

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයට පසුගිය සිකුරාදා දින රාත්‍රියේ බල පෑ ටොනේඩෝ තත්යක් හේතුවෙන් පුද්ගලයන් 70කට වැඩි පිරිසක් මේ වන විට ජීවිතක්ෂයට පත්වූ  බව එරට මාධ්‍ය සඳහන් කරයි.


ආණ්ඩුකාර ඇන්ඩි බෙෂියර් පැවසුවේ මෙය ප්‍රාන්ත ඉතිහාසයේ දරුණුතම ටොනේඩෝව බවත් මිය ගිය සංඛ්‍යා 100 කට වඩා වැඩි විය හැකි බවත්ය.

මෙම තත්වයෙන් ප්‍රාන්තයේ මේෆීල්ඩ් නගරයේ ඉටිපන්දම් කම්හලක් තුළ බෝහෝ පිරිසක් මිය ගොස් ඇත.

කම්හලේ සිටි පුද්ගලයින් 40 දෙනෙකු බේරාගෙන තිබේ. ආණ්ඩුකාරවරයා විසින් කෙන්ටකි හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

මේෆීල්ඩ් නගරය කෙන්ද්‍ර කර ගනිමින් ටොනේඩෝව සැතපුම් 227 (කිලෝමීටර් 365) පුරා ව්‍යාප්තව පැතිර තිබේ.‍

ජනාධිපති ජෝ බයිඩන් විස්න සිය සංවේගය පල රමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

අසල්වැසි මිසූරි ප්‍රාන්තය්  හි ශාන්ත ලුයිස් හි රෝහලට ද ගුවනින් රෝගීන් රැගෙන ගොස් ඇත.මුදවා ගැනීමේ කණ්ඩායම් තවමත් සුන්බුන් අතර පිරික්සමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි