×

කෙන්යාවේ නව ජනාධිපති ධූරය විලියම් රූටෝට

මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 65 දක්වා තියුනු ලෙස පහත වැටී තිබිණ.  සමහර කෙන්යානුවන් දිගු කලක් තිස්සේ හුරුපුරුදු දේශපාලන නායකයින් ඡන්දය ප්‍රකාශ කිරීම දැකීමෙන් වෙහෙසට පත් වූ අතර පුලුල්ව පැතිරුනු දූෂණය සහ ඉහළ යන මිල ගණන් ඇතුළු ආර්ථික ප්‍රශ්න ගැන කළකිරීම ප්‍රකාශ කළ බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.


හිටපු උප ජනාධිපති විලියම් රූටෝ 50.5% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් නව ජනාධිපති ලෙස මහජන ඡන්දයෙන් තෙරී පත් වූ බව කෙන්යාවේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. උප ජනාධිපති වශයෙන් වසර 10ක සේවා අත්දැකීම් මත බලයට පත් වන රූටෝ මේ වන විට 55 වන වියේ පසුවේ.
ඔහු හා තරඟ කරනු ලැබූ රයිලා ඔඩිංගා මෙහිදී පරාජයට පත්ව ඇති අතර ඔහුගේ පිළ මේ වන විට නොසන්සුන්ව ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අතර , මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හත් දෙනාගෙන් හතර දෙනෙක් ප්‍රතිඵලය අනුමත කිරීම ප්‍රතික්‍ෂේප කළ බවද ආරංචි මාර්ග වාර්තා කරයි.

ආරම්භයේ සිටම ඔඩිංගාගේ පාක්ෂිකයන් විසින් මෙම ඡන්දය අක්‍රමිකතාවන්ගෙන් පිරිපුන් මැතිවරණයක් ලෙස චෝදනා කරනු ලැබීය. එවැනි චෝදනා තිබුයදීත් මැතිවරණ කොමිසම සිය රාජකාරිය නිසි ලෙස කළ බව වාර්තා කර තිබේ. මැතිවරණ කොමිසමෙහි සභාපති විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ අපි කෙන්යානුවන්ට නිදහස්, සාධාරණ සහ විශ්වසනීය මැතිවරණයක් ලබා ගැනීම සහතික කිරීමේ ගමනක් ගමන් කළ බවත්, එය පහසු ගමනක් නොවූ අතර  මේ වන විට මගේ කොමසාරිස්වරුන් දෙදෙනෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියා තුවාල ලබා ඇත යනුවෙනි.

මෙහිදී සීයලු දෙනාට ස්තූති කරමින් නව ජනාධිපති රූටෝ ප්‍රකාශ කර සිටියේ අප ආපසු හැරී බලන විට කිසිදු සුව පහසුවක් නොමැති නිසා පක්ෂ විපක්ෂ සියලු දෙනාම එක්ව පළිගැනීමේන තොරව කෙන්යාවේ අනාගතය හැඩ ගැස්වීම වෙනුවෙන් සම්බන්ධ විය යුතු බවයි. මේ සම්බන්ධයෙන් ඔඩිංගා ට්විට්හි සඳහන් කර තිබුණේ මෙය අවසන් නොවූ බවයි. විශ්ලේෂකයන් මේ පිළිබඳව සඳහන් කරන්නේ ඔඩිංගා නීතියේ සරණ පතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ඇති බවයි.

කෙන්යාවේ 2007 මැතිවරණයෙන් පසු 1200 කට වැඩි පිරිසක් මිය ගිය අතර 2017 මැතිවරණයෙන් පසු 100 කට වැඩි පිරිසක් මිය ගියහ.

මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 65 දක්වා තියුනු ලෙස පහත වැටී තිබිණ.  සමහර කෙන්යානුවන් දිගු කලක් තිස්සේ හුරුපුරුදු දේශපාලන නායකයින් ඡන්දය ප්‍රකාශ කිරීම දැකීමෙන් වෙහෙසට පත් වූ අතර පුලුල්ව පැතිරුනු දූෂණය සහ ඉහළ යන මිල ගණන් ඇතුළු ආර්ථික ප්‍රශ්න ගැන කළකිරීම ප්‍රකාශ කළ බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි