×

කේරලයට අධික ගංවතුර

2018 වසරේම කේරල ප්‍රාන්ත රජය විසින් සිදු කරන ලද අධ්‍යයනයකදි ,ගංගා 44 ක් ගලා යන මෙම ප්‍රාන්තය ඉන්දියාවේ ගංවතුරට ගොදුරු විය හැකි 10 වෙනි ප්‍රාන්තය වන බවට තහවුරු කරතිබේ.


අධික වර්ෂාව හේතුවෙන් ගංගා පිටාර ගැලීම නිසාවෙන් දකුණු ඉන්දියාවේ කේරලයේ පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බව එරට ආපදා කලමනාකරණ ඒකකයන් සඳහන් කරයි.මියගිය අය අතර ළමුන් පස් දෙනෙක් ද වේ. බොහෝ පුද්ගලයින් අතුරුදන් වී ඇති හෙයින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට තහවුරු කර තිබේ. එසේම කේරල ප්‍රාන්තයේ කෝට්ටම් දිස්ත්‍රික්කයේ නිවාස කිහිපයක් කැඩි බිදි ගොස් පවුල්කිහිපයක් සිර වි ඇත.

දින ගණනක් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නායයාම් සිදු විම් නිසා කේරල ප්‍රාන්තයේ දරුණුතම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක දෙක වන්නේ කොට්ටායම් සහ ඉඩුක්කි ය.පිටාර ගැලීමේ අවදානම අවම කිරීම සඳහා සඳුදා කේරල ප්‍රාන්තය පුරා පිහිටි වේලි ගණනාවක් විවෘත කෙරිණි.

2018 වර්ෂයේදී අධික වර්ෂාව හේතුවෙන් මෙම ප්‍රාන්තය ගංවතුරට හසු වීමෙන් 400 කට වැඩි පිරිසක් මිය ගියහ. පහත් බිම් වල වෙසෙන ජනතාවට කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව වේලි විවෘත කිරීම පිළිබඳව ද එවකට මතභේද ඇති විය.පසුගිය සති අන්තයේ සිට, ගලවා ගැනීමේ කණ්ඩායම් අවදානම් සහිත ප්‍රදේශවල සිට පවුල් ආරක්ෂිත ස්ථාන කරා ගෙන යමින් සිටි.මේ වන විට මිනිසුන් දහස් ගණනක් ඉවත් කර ඇති අතර කේරල පුරා සහන කඳවුරු 184 ක් පිහිටුවා ඇති අතර 8000 කට වැඩි පිරිසකට ආහාර, ඇඳ ඇතිරිලි සහ ඇඳුම් පැළඳුම් ලබා දෙමින් සිටි.

නිවාස හා වගාවන් අහිමි වූවන්ට රජය මූල්‍ය ආධාර ද ප්‍රකාශයට පත් කර තිබේ.ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇත්තේ ප්‍රාන්තයට තද වැසි සහ වැසි සහිත කාලගුණය තවත් දින 4 ක් දක්වා පවතින බවයි.කොල්ලම් සහ අනෙකුත් වෙරළබඩ නගරවල සිරවී සිටි අය ඉවත් කිරීම සඳහා ධීවර බෝට්ටු භාවිතා කෙරෙමින් සිටි.සියවසකදී කේරලයට බලපෑ දරුණුතම ගංවතුර 2018 වර්ෂය වූ අතර මිලියන 10 කට වැඩි ජනතාව අවතැන් විය.2018 වසරේම කේරල ප්‍රාන්ත රජය විසින් සිදු කරන ලද අධ්‍යයනයකදි ,ගංගා 44 ක් ගලා යන මෙම ප්‍රාන්තය ඉන්දියාවේ ගංවතුරට ගොදුරු විය හැකි 10 වෙනි ප්‍රාන්තය වන බවට තහවුරු කරතිබේ.

(බි බි සි වෙතින්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි